කොරෝනා හේතුවෙන් සිදුවන ඇතැම් මරණ සම්න්බධ තොරතුරු වලින් සැලකිය යුතු ප්‍රමාණයක් ජාතික මට්ටමෙන් සහ වසංගත රෝග අංශය මඟින් නිකුත් කරන දත්ත ප්‍රකාශනයට ඇතුළත්ව නැති බවට් චෝදනාවක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ඉදු කරනවා.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කරන්නේ මෙය බරපතල වරදක් බවයි.
මේ හේතුවෙන් රජය සහ සෞඛ්‍ය ආමාත්‍යාංශය වහා ප්‍රතිචාර දැක්විය යුතු බවද ඔහු සඳහන් කරනවා.
එමෙන්ම කොරෝනා ආසාදනය වීමෙන් වන මරණ පාලනය කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් අවශ්‍ය බව ද ඔවුන්ගේ අදහසයි.
වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කරන්නේ ජනවාරි මාසයට සාපේක්ෂව පෙබරවාරි මාසයේ සිදුව ඇති මරණ සංඛ්‍යාවේ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍යවරයා “සමස්ත මරණවලින් සියයට 70ක් වෙලා තියෙන්නේ අවුරුදු 60ට වැඩි අය. ඒ නිසා මෙන්න මේ ඉලක්ක කණ්ඩායම් හරියට තෝරගෙන ඒ අය නිවැරදිව කලමනාකරණය කර විශේෂයෙන් එන්නත් වැඩසටහනේ දී ඒ අය ඉලක්ක කර ක්‍රියාත්මක කිරීම මීට වඩා කාර්යක්ෂමව සිද්ධවෙන්න ඕනේ කියන එක අපි විශ්වාස කරනවා. ජනවාරි සමස්ත මාසයට ම අපිට මරණ වාර්තා වුණේ 112ක් වගේ ප්‍රමාණයක්. පෙබරවාරි මාසය ඇතුළත මේ දවස් 20ක් ගත වෙනකොට ඒ ජනවාරි සමස්ත මාසයට වාර්තා වුණ මරණ ගාන ඉක්මවලා වාර්තා වෙනවා. මේක එතරම් සුබදායි තත්ත්වයක් නොවේ” යනුවෙන්ද සඳහන් කළා.
“බිම් මට්ටමේ සිදුවන මරණවලින් සැලකිය යුතු ප්‍රමාණයක් සංඛ්‍යා ලේඛන විදියට එළියට එන්නේ නෑ. ඒ හරහා මතුවෙලා තියෙන තත්ත්වය තමයි සෞඛ්‍ය වෘත්තීකයින් දැඩි අපහසුතාවයට පත්වෙලා තියෙනවා. උදාහරණය තමයි ගමක මරණයක් වුණාම ජාතික මට්ටමෙන් සහ වසංගත රෝග අංශය මඟින් දත්ත ප්‍රකාශ වෙනකොට ගමේ සිදුවුණ මරණය ඒ දත්ත පත්‍රිකාවට ඇතුළත් වෙන්නේ නැත්නම් ඒක කොවිඩ් මරණයක් ද නැද්ද කියන සැකය ඥාතීන් තුළ එනවා. බරපතළ ගැටුම්කාරී තත්ත්වයක් මේ හරහා සමාජය හා සෞඛ්‍ය වෘත්තීතයන් අතර ඇති වෙන්න පුළුවන්“ යනුවෙන්ද ඔහු පැවසුවා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට