Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

බිත්තරයෙනුත් ගසා කෑ මහ හොරුන් ගැන විමර්ශන වාර්තා සඟවයි – සොරකම් රැසක් සිදු වුණා ඒවා මට කියන්න බෑ  එක්සත් ජාතික පක්ෂ ජාතික සේවක සංගමයේ උප සභාපති පිළිගනී 

එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ  ප්‍රධාන වෘත්තිය සමිති  ව්‍යාපාරය වන ජාතික සේවක සංගමය තුළ  මහා පරිමාණ වංචා රැසක් සිදුව ඇති බව  එහි උප සභාපති  සුනිල් සිල්වා මහතා පිළිගනු ලැබුවා.

ඒ Mee Massoo TV නාලිකාව සමග පැවති  සංවාදයක් තුළයි.

ජාතික සේවක සංගමයට අනුබද්ධ මරදාන බුහාරි හෝටලය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයක වාර්තාවක් පිළිබඳව මාධ්‍යවේදී කල්ප ගුණරත්න මහතා මෙහිදී සුනිල් සිල්වා මහතාගෙන් ප්‍රශ්න කර කරනු ලැබූවා.

බුරියානි සඳහා ප්‍රසිද්ධ හෝටලයක් වන  බුහාරි හෝටලය සඳහා  කුකුල් මස් සහ බිත්තර මිලදී ගැනීමේදී පවා දීර්ඝ කාලයක් තිස්සේ  මහා පරිමාණ වංචා සිදුව ඇති බවයි  මේ වන විට අනාවරණය වී තිබෙන්නේ.

 ඒ සඳහා සාමාජික මුදල් ද අවභාවිතා වූ බවට  සිදුකළ  මූලික විමර්ශනවලදී හෙළිව තිබෙනවා.

මීට අමතරව  ජාතික  සේවක සංගමයේ  ප්‍රධාන ලේකම්වරයාට එරෙහිව  එහි සාමාජිකයන් විසින්  පසුගිය කාලයේ  දිගින් දිගටම එල්ල කළ චෝදනා  මේ වන විට  කිසියම්  බලපෑමක් හේතුවෙන්  යටපත්ව ඇති බවද අදාළ සාකච්ඡාවේ දී හෙළි වුණා.

ජේ ආර් ජයවර්ධන මහතා විසින් වැඩකරන ජනතාව වෙනුවෙන් නිර්මාණය කරන ලද ජාතික සේවක සංගමය එක්සත් ජාතික පක්ෂයේ හදවත ලෙස ද හැඳින්වෙනවා.

About The Author