Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

පොලිස් ඇඳිරි නීති කියා ජාතියක් නෑ : පොලිස්පතිගේ දැනුම් දීම පුස්සක් නීතීඥ සංගමය ඇතුළු කණ්ඩායම් රටට කියයි

අද (08) රාත්‍රී 9 සිට නැවත දැනුම්දෙන තුරු බස්නාහිර පළාතේ පහත සඳහන් පොලිස් කොට්ඨාසවල  සියලුම පොලිස්බල ප්‍රදේශ ආවරණය වන පරිදි  පොලිස් ඇඳිරිනීතිය පනවා ඇති බව පොලිසිය නිවේදනය කර තිබෙනවා.

කෙසේ වෙතත් ආදළ නිවේදනය සම්බන්ධයෙන් මේ වන විට දැඩි විරෝධයක් එල්ල වී ඇති අතර නීති විශාරදයන් රැසක් පෙන්වා දෙන්නේ පොලිස් ඇඳිරි නීතිය නීතිය පැනවීම නීති විරෝධී බවයි.

ශ්‍රී ලංකා නීතීඥ සංගමය ද මේ සම්බන්ධයෙන් වහාම නිවේදනයක් නිකුත් කරනු ලැබුවා.

එම සංගමය ප්‍රශ්න කර සිටින්නේ මෙවැන්නක් සිදු කිරීම සදහා පොලිස්පතිවරයාට ඇති නීතිමය බලය කුමක්ද යන්නයි.

පොලිසියට මේ ආකාරයට පොලිස් ඇඳිරි නීතිය පැනවීමට බලයක් නොමැති බවත්, එය නීති වීරෝධී බවත් එම සංගමය පෙන්වා දෙයි.

මේ අතර ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම් ඒ සුමන්තිරන් මහතා සඳහන් කරන්නේ පොලිස් නීතිය කියා නීතියක් මෙරට නීති පද්ධතිය තුළ නොමැති බවයි.

එබැවින් අදාළ ප්‍රකාශනයේ නීතිමය වලංගු භාවයක් නොමැති බවද ඔහු අවධාරණය කර තිබෙනවා.

ජනතා අරගලය මර්දනය කිරීම සඳහා කූට උපක්‍රමයක් ලෙස මෙය භාවිතයට ගෙන ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

About The Author