Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

පාසැල් දරුවන්ට රැසකට මේදා සැරේ වවුචරුත් නෑ, රෙදිත් නෑ – ගැටලුවට ජනපතිත් මැදිහත් වෙයි

පාසල් දරුවන් වෙනුවෙන් තුන්වන පාසල් වාරය අවසන් වීමට පෙර බෙදා හැරිය යුතුව තිබු පාසල් නිල ඇඳුම් මේ දක්වා සම්පුර්ණයෙන්ම බෙදා හැරීමට රජය අපොහොසත් වී තිබෙනවා.

පසුගිය කාලයේ පාසල් නිල ඇදුම් වෙනුවට ලබා දුන් වවුචර් පත් ලබා දීමේ වැඩපිළිවෙල මේ වසරේ සිට නතර කර දැමුණු අතර රජය තීරණය කළේ ඒ සඳහා රෙදි ලබා දීමටයි.

එහිදී දේශීය නිෂ්පාදකයන් විසින් සකසන ලද රෙදි පමණක් ඒ සඳහා යොදා ගත යුතු බවට ද තීරණයක් ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් මේ දක්වා අදාළ නිල ඇඳුම් රෙදි බෙදා දීමට ප්‍රමාද වීම පිලිබඳ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමු වී ඇති අතර ඔහු ඒ සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යවරුන්ගෙන් ප්‍රශ්න කර තිබෙන බවයි වාර්තාවන්නේ.

එහිදී අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සහ කර්මාන්ත ඇමැති විමල් වීරවංශ මහතා කරුණු දක්වා ඇති අතර දේශීය නිෂ්පාදකයන් මගින් නිල ඇඳුම් කඩිනමින් ලබාදීමට වැඩපිළිවෙළක් සකස් කිරීමටද තීරණය වී තිබෙනවා.

මේ වනවිට දේශීය නිෂ්පාදකයන්ගෙන් නිල ඇඳුම් රෙදි මිලදී ගැනීම සඳහා මිල ගණන් කැඳවා ඇණවුම් ප්‍රදානය කර අවසන්.

එලෙස නිෂ්පාදනය කෙරෙන රෙදි සත්‍යවශයෙන්ම මෙරටදී නිෂ්පාදනය කරන ලද ඒවාද යන්න තහවුරු කර ගැනීම සහ නිල ඇඳුම් රෙදි නිෂ්පාදනයට අදාළ සැපයුම්කරුවන් වෙන්කර හඳුනා ගැනීම අරමුණු කර ගනිමින් එකිනෙකට වෙනස් වර්ණයන්ගෙන් යුත් නූලක් නිල ඇඳුම් රෙදිවල එක් කෙළවරක යොදන ලෙසටද රජය විසින් නිෂ්පාදකයන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ලබාදෙන රෙදි නිවැරදි ප්‍රමිතියෙන් යුක්ත බවට ශ්‍රී ලංකා පේෂකර්ම සහ ඇඟලුම් ආයතනය මගින් පරීක්ෂාවට ලක්කළ යුතුවන අතර, එම ආයතනය පසුගිය වසරේ දෙසැම්බර් විසිතුන් වන දින අමාත්‍යාංශයට දැනුම්දී ඇත්තේ සැපයුම්කරුවන් තත්ත්ව පරීක්ෂාව සඳහා ලබාදී ඇති රෙදි ප්‍රමාණය මුළු නිල ඇඳුම් රෙදි අවශ්‍යතාවයෙන් සියයට හතළිස් නවයක් බවයි.

එමෙන්ම අනෙකුත් සියලු අවශ්‍යතාවන් සම්පූර්ණ කර තිබියදී දේශීය නිෂ්පාදකයන්ගේ බව තහවුරු කිරීමට අදාල නූල නොමැතිව ප්‍රතික්ෂේපවී ඇති රෙදි ප්‍රමාණය මුළු අවශ්‍යතාවයෙන් සියයට හතක්.