හදිසි භාවිතය සඳහා බව සඳහන් කරමින් ඔක්ස්ෆර්ඩ් / ඇස්ට්‍රාසෙනෙකා එන්නත සඳහා අනුමැතිය හිමිව තිබෙනවා.
රාජ්‍ය අමාත්‍ය ආචාර්ය චන්න ජයසුමන සඳහන් කළේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් අද දිනයේදී එම අනුමැතිය ලබා දුන් බවයි.
මෙරට තුල කොවිඩ් මර්ධන එන්නතක් සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලද ප්‍රථම අවස්ථාව මෙයයි.
මෙතෙක් එන්නත් වර්ග ගෙන්වීම සහ ලබාදීම පිලිබඳ කතාබහක් නිර්මාණය වී තිබුණත් ඒ කිසිවකට අනුමැතියක් හිමිව තිබුනේ නැහැ.
කෙසේ වුවද මෙම අනුමැතිය ලබා දී ඇත්තේ මෙරට තුළ දී සිදු කරන ලද කිසියම් සායනික පරීක්ෂාවකින් අනතුරුව ද යන්න පිළිබඳ කරුණු මෙතෙක් අනාවරණය වී නැහැ.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට