නොසිතන තරම් වේගයකින් පුරාවස්තු විනාශය සිදුවෙමින් පවතිතැයිද පුරාවස්තු විනාශ කිරීම් පිළිබඳ නඩු දහයකට පමණ දිනපතා අස්සන් කිරීමට සිදුව ඇතැයිද පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා පවසනවා.
මේ තත්වය සැලකිල්ලට ගෙන පුරාවස්තු ආරක්ෂා කර ගැනීමට ප්‍රමුඛත්වය දිය යුතුව ඇතැයිද අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කරනවා.
තමන් පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත්වන තුරුත් මේ තත්වය හරිහැටි හඳුනාගෙන නොතිබු බව පෙන්වාදෙන මහාචාර්යවරයා අද පුරාවස්තු විනාශය සහ ජාවාරම බරපතල අර්බුධයක් ලෙස ලෝකය පුරා හඳුනාගෙන ඇති බවද පෙන්වා දුන්නා.
ද්විපාර්ශවික ගිවිසුම් ඇති බැවින් ජාත්‍යන්තර වෙළඳ පොලේ නීතිවිරෝධී ලෙස ගෙනයන පුරාවස්තූන් අලෙවි කළ නොහැකි බැවින් මංකොල්ලකන පුරාවස්තූන් විදේශ රටවල අලෙවි වන්නේ නීති විරෝධී ලෙසින් වීම වඩාත් භයානක තත්වයක් බවද ඔහු පැවසුවා.
මහාචාර්ය අනුර මනතුංග මහතා මේ අදහස් පළ කළේ ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අද (17) පැවති දේශනයක එක්වෙමින්.


අත නොහැර කියවන තැන
බංග්ලාදේශයට ප්‍රබල භූ කම්පනයක්
කෝටි 400ක මත්ද්‍රව්‍ය තොගයට සජබ පළාත් පාලන අපේක්ෂකයෙක් අල්ලයි
මුහුදෙන් ඇල්ලූ යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝ 376කට වැඩි ප්‍රමාණයක්