Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

නුවරඑළියට රේසිං කාර් සමග කේබල් කාර්

නුවර එළියේ තුරඟ තරඟ පිටිය සහ ග්‍රෙගරි විල අතර මෝටර් රථ ධාවන පථයක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය සදහන් කරනවා.

පරිසර හිතකාමී ලෙස සංචාරක ආකර්ෂණය දිනා ගත හැකි අයුරින් සංචාරක සංවර්ධන කලාප ස්ථාපිත කිරීමේ වැඩසටහන යටතේ ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත අදාළ වැඩසටහන මෙම සති අන්තයේ ආරම්භ කරන බව අමාත්‍යාංශය පවසයි.

දේශීය හා විදේශීය සංචාරකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා කිතුල්ගල සිට නුවර එළිය, නුවර එළියේ සිට මහනුවර සහ නුවර එළියේ සිට බදුල්ල දක්වා මාර්ග දෙපස විශේෂ සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇත.

කොටගල තෙත්බිම් උද්‍යාන සංවර්ධන ව්‍යාපෘතිය, තලවාකලේ නගර අලංකාර කිරීමේ ව්‍යාපෘතිය ද සෙනසුරාදා ආරම්භ කිරීමට නියමිතය.

නුවර එළිය තුරඟ තරඟ පිටිය සංවර්ධනය,රාබොඩ සහ තවලන්තැන්න සංචාරක ව්‍යාපෘතිය ඉරිදා ආරම්භ කිරීමට නියමිතය.

රු. මිලියන 700 ක වියදමකින් යුතුව වසර ගණනාවක් තිස්සේ නිසි ලෙස සංවර්ධනය කර නොමැති නුවර එළිය තුරඟ තරඟ පිටිය මෙම සංචාරක සංවර්ධන කලාපය යටතේ සංවර්ධනය කිරීමට නියමිතය.

අශ්වාරෝහක ඉසව්වලට සරිලන පරිදි ධාවන පථය වැඩිදියුණු කෙරෙන අතර, ධාවන පථයේ මධ්‍යයේ ක්‍රිකට්, පාපන්දු සහ රග්බි සඳහා ක්‍රීඩාංගණ තුනක් ඉදිකිරීමට සැලසුම් කර ඇත.

මීට අමතරව නුවර එළිය සිට නානු ඔය දුම්රිය ස්ථානය දක්වා කිලෝමීටර් 3.9 ක් දිග කේබල් කාර් පද්ධතියක් ස්ථාපනය කරන බව ද අමාත්‍යාංශය පවසයි.

මේ අයුරින් සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් පරිසර හිතකාමී ලෙස ක්‍රියාත්මක කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය (UDA) සැලසුම් කර ඇති බව අමාත්‍යාංශය පවසයි.