බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ විශේෂ ඒකකයක් ලෙස පෙනී සිටිමින් ස්වාමීන් වහන්සේ නමකගෙන් කප්පම් සහ දේපළ කොල්ලකෑමට ගිය පස් දෙනකුගෙන් යුතු කල්ලියක් අහුන්ගල්ල පොලිසිය විසින් ඊයේ (18දා) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නුවර පොලිසියක රථවාහන අංශයක ස්ථානාධිපති ලෙස කටයුතු කරන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු හා ගාල්ල ප්‍රදේශයේ පොදුජන පෙරමුණ නියෝජනය කරන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ඇතුළු පිරිසක්.
පෙරේදා (17දා) රාත්‍රියේ මෙම කණ්ඩායම බලපිටිය, පාතේගම යෝගාශ්‍රම විහාරාධිපති බ්‍රාහ්මණ වත්තේ විමලවාස තිස්ස හිමියන්ගෙන් රුපියල් ලක්ෂ 10ක් ඉල්ලා ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට උන්වහන්සේට චෝදනා කරමින් එම පරීක්ෂණ යටපත් කිරීමට බව පවසමින්ය.
කෙසේ වෙතත් එම අවස්ථාවේදී මෙම සිද්ධිය පිළිබඳ පොලිසිය දැනුවත් කර තිබෙනවා.
අහුන්ගල්ල පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණෙන විට අදාළ සැකකරුවන් පලාගොස් තිබෙනවා.
අනතුරුව සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකින් පසු ඊයේ (18දා) බලපිටිය ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා.
මේ ඔවුන් පැමිණෙන අයුරු CCTV කැමරාවේ සටහන් වී තිබු අයුරුයි.


අත නොහැර කියවන තැන
බංග්ලාදේශයට ප්‍රබල භූ කම්පනයක්
කෝටි 400ක මත්ද්‍රව්‍ය තොගයට සජබ පළාත් පාලන අපේක්ෂකයෙක් අල්ලයි
මුහුදෙන් ඇල්ලූ යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝ 376කට වැඩි ප්‍රමාණයක්