Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

නව ගුවන් යානා 11ක් මෙරටට

ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා නව ගුවන් යානා 11ක් ලබාගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ කල්බදු කාලය සම්පූර්ණවීමෙන් පසු ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් ඉවත්ව යන ගුවන් යානා 11ක් වෙනුවට නව ගුවන් යානා 11ක් ලබා ගැනීමටය.

අද (03) පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපති අශෝක් පතිරගේ මහතා මේ බව සඳහන් කළේය.

එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපති අශෝක් පතිරගේ මහතා,

“මෙහෙයුම් ලාභය අද වනවිට මේ වසරේ රුපියල් මිලියන 6,000ක් තියෙනවා. ඊළඟ වසර වනවිට ලීසිං කාලය කල්පිරීම නිසා ගුවන් යානා 9ක් 11ක් අතර ප්‍රමාණයක් අපෙන් යනවා. කැබිනට් මණ්ඩලය විසින් අප වෙත අනුමැතිය ලබාදුන්නා ඉවත්වයන ගුවන්යානා වෙනුවෙන් ගුවන්යානා ලබාගැනීමට. ඉදිරි මාස 3ක් 4ක් තුළදී ගුවන්යානා 3ක් හෝ 4ක් අපගෙන් ඉවත්ව යනවා. ඒ නිසා අපගේ ප්‍රමුඛතාවය හිමිවන්නේ ඒ සඳහායි. නමුත් අඩු මිලකට ගුවන් යානා ලබාගත හැකි නම් අප විසින් විශ්ලේෂණයක් සිදුකර අපගේ ගුවන්සේවයට සහ රටට උචිත ආකාරයට ක්‍රියාකරනවා.”

එහිදී අදහස් දැක්වු වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසුවේ ශ්‍රීලංකන් ගුවන් සමාගම පසුගිය කාලය තුළදී ඉතා යහපත් කාර්ය සාධනයක් පෙන්වා තිබෙන බවය.