වාහන ආනයනය කිරීම නවතා දැමීමත් නොවටිනා මිල ගණන් වලට වාහන අලෙවි කිරීමට විවිධ පුද්ගලයින් කටයුතු කිරීමත් හේතුවෙන් භාවිතා කරන ලද වාහනවල මිල ගණන් දිනෙන් දින පහත බැසීමේ තත්ත්වයක් මතුව ඇතැයි වාහන අලෙවිකරුවන් පවසයි.
ලීසිං සමාගම් ද පොලී අනුපාත ඉහළ දැමීමට කටයුතු කර තිබේ. ඊට අමතරව වාහනවල අමතර කොටස් හිඟය සහ ඒවායේ මිල ගණන් අධික ලෙස ඉහළ යාම භාවිතා කරන ලද වාහන අලෙවිය කැපීපෙනෙන ලෙස අඩුවීමට හේතුවී ඇත.
මෙකී තත්ත්වයන් හේතුවෙන් මේ වන විට භාවිතා කරන ලද වාහනවල මිල ගණන් මෙලෙස පහත බැස තිබේ.
***ශ්‍රී ලංකාව තුළ මේ වන විට ප්‍රචලිත වාහන කිහිපයක වර්තමාන මිල ගණන් පහතින් දැක්වේ.
නව මිල – ටොයෝටා – විට්ස් – 2018 – ලක්ෂ 60
පෙර මිල – ටොයෝටා – විට්ස් – 2018 – ලක්ෂ 80
නව මිල – ටොයෝටා – ප්‍රිමියර් – 2017 – එක්කෝටි තිස්හත් ලක්ෂයයි
පෙර මිල – ටොයෝටා – ප්‍රිමියර් – 2017 – කෝටි එකහමාර ඉක්මවයි
නව මිල – ටොයෝටා – ඇක්වා ජී – 2012 – ලක්ෂ 50
පෙර මිල – ටොයෝටා – ඇක්වා ජී – 2012 – ලක්ෂ 60 ඉක්මවයි
නව මිල – හොන්ඩා – වෙසල් – 2014 – ලක්ෂ 63
පෙර මිල – හොන්ඩා – වෙසල් – 2014 – ලක්ෂ 80 ඉක්මවයි
නව මිල – හොන්ඩා – ෆිට් – 2012 – ලක්ෂ 50
පෙර මිල – හොන්ඩා – ෆිට් – 2012 – ලක්ෂ 60 ඉක්මවයි
නව මිල – හොන්ඩා – ග්‍රේස් – 2014 – ලක්ෂ 70
පෙර මිල – හොන්ඩා – ග්‍රේස් – 2014 – ලක්ෂ 85 ඉක්මවයි
නව මිල – නිශාන් – එක්ස් ට්‍රේල් – 2014 – ලක්ෂ 85
පෙර මිල – නිශාන් – එක්ස් ට්‍රේල් – 2014 – කෝටිය ඉක්මවයි
නව මිල – සුසුකි – වැගන් ආර් – 2014 – ලක්ෂ 39
පෙර මිල – සුසුකි – වැගන් ආර් – 2014 – ලක්ෂ 45 ඉක්මවයි
නව මිල – සුසුකි – ඇල්ටෝ – 2015 – ලක්ෂ 27
පෙර මිල – සුසුකි – ඇල්ටෝ – 2015 – ලක්ෂ 34 ඉක්මවයි
නව මිල – සුසුකි – ජපන් ඇල්ටෝ – 2017 – ලක්ෂ 39
පෙර මිල – සුසුකි – ජපන් ඇල්ටෝ – 2017 – ලක්ෂ 45 ඉක්මවයි
නව මිල – මයික්‍රෝ – පැන්ඩා – 2015 – ලක්ෂ 21
පෙර මිල – මයික්‍රෝ – පැන්ඩා – 2015 – ලක්ෂ 25 ඉක්මවයි


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට