Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

දළදා මාලිගාව අසල දිය අගලේ පැති බැම්මක් කඩා වැටෙයි – පුරා විද්‍යාවට සහ වාරිමාර්ගයට චෝදනා

ඓතිහාසික මහනුවර දළදා මාලිගාව අසල විෂ්ණු දේවාලය සහ පැරණි රජ වාසල දක්වා දිය අගලට ඉහලින් ඉදිකර තිබූ පැති බැම්ම ඊයේ රාත්‍රියේ කඩා වැටී තිබෙනවා.

ඒ වන විට මහනුවර ප්‍රදේශයට වැසි සහිත කාලගුණ තත්ත්වයක්  පැවති බවද වාර්තා වනවා.

මෙය වසර සිය ගණනාවක් පැරණි ඉදි කිරීමක් වන අතර මෙහි සංරක්ෂණ කටයුතු වල වගකීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට භාරව පැවතුණා.

අප වාර්තාකරුවන් සඳහන් කළේ මීට දින කිහිපයකට පෙර  වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් අදාල වලාකුළු බැම්මට පහතින් පිහිටි ඇළ මාර්ගයේ රොන් මඩ  ඉවත් කිරීමක් ද සිදු කර ඇති බවයි.

පැති බැම්ම කඩා වැටීම සම්බන්ධයෙන් විවිධ මත ඉදිරිපත් වී ඇති අතර ප්‍රධාන වශයෙන් චෝදනා එල්ල වන්නේ  පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුවටයි.

About The Author