Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

දළදා මාලිගයේ ආරක්ෂාව භාරව සිටි පොලිසියේ 4 දෙනෙකු ඇතුළු 29 කට කොරෝනා – 236 නිරෝධායනයට

මහනුවර දළදා මාලිගාවේ ආරක්ෂාව භාරව සිටි පොලිස් නිලධාරීන් හතර දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 29 දෙනෙකුට කොරෝනා අසාදනය වී ඇති බව මේ වන විට තහවුරු වී තිබෙනවා.

යුද හමුදා මාධ්‍ය ඒකකය මේ බව තහවුරු කළා.

මේ වන විට නව කොරෝනා වෛරස් ප්‍රභේදය ද රටට ඇතුළු වී ඇති බව තහවුරු වී තිබෙන අතර මහනුවර ප්‍රදේශයේ ජනතාව චෝදනා කරන්නේ යුක්‍රේන සංචාරකයන්ගේ පැමිණීමෙන් පසු දළදා මාලිගයේ ආරක්ෂක අංශ වල නිලධාරීන්ට කොරෝනා අසාදනය වන්නට ඇති බවයි.

නමුත් එම කිසිවක් සෞඛ්‍ය අංශ විසින් මෙතෙක් නිල වශයෙන් තහවුරු කර නැහැ.

මහනුවර දළදා මාලිගය අසල වෙළදුන් සහ ජනතාව පවසන්නේ යුක්‍රේන සංචාරකයන් සමග පැමිණි දේශීය මගපෙන්වන්නන් සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩ කරමින් නගරයේ කඩසාප්පු වලට ද ඇතුළු වූ බවයි.

කෙසේ වෙතත් මේ වන විට දළදා මාලිගාව ආශ්‍රිත 236 දෙනෙකු පමණ නිරෝධායනයට ලක් කිරීමට තීරණය කර තිබෙනවා.