මැයි 09 වනදා ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට රහස් පොලිසිය වෙත අද පෙරවරුවේ පැමිණි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැය පහකට ආසන්න කාලයක් සිය ප්‍රකාශය ලබා දී සවස 2.30ට පමණ ඉන් පිටව ගොස් ඇති බව වාර්තා වනවා.
මෙහිදී අරලිය ගහ මන්දිරයේදී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සිදුකළ සම්පූර්ණ කතාව විකෘති කර යම් යම් කොටස් ගෙන ඒවා සංස්කරණය කොට සමාජ මාධ්‍ය සහ අනෙකුත් මාධ්‍ය වල ප්‍රචාරය කර ඇති බවට මේ වන විට ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පාර්ශවයෙන් චෝදනා එල්ලවී තිබෙනවා.
05 / 09 ම්ලේච්ඡ ප්‍රහාරය පිළිබඳ චෝදනා ලබා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කටඋත්තරයක් ලබා දීමට පැමිණි ප්‍රනාන්දු මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවෙහි එහි ඉදිරිපිට රැස් වූ විශාල ජනකායක් ඔහුට එරෙහිව සාධාරණව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා විරෝධතාවයක ද නිරත වුණා.
අවස්ථා දෙකකදී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීම කල් දමමින් සිටි බවටද තොරතුරු වාර්තා වුණා.
ජනතා අරගලය මතු වන අවස්ථාවේදී කපුටෙකු මරා තටුවක් එල්ලිය යුතු බවත් ඉන්පසු එයට අනෙක් කපුටන් බියවන බවටත් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සිදුකළ ප්‍රකාශය ද පසුගිය කාලයේ සමාජය තුළ මහත් ආන්දෝලනයට තුඩු දුන්නා.
© මූලාශ්‍රය – මව්රට
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි