Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

“ජී 7” වර්ජනය.

2020 “ජී 7” රාජ්‍ය නායක සමුළුවේ සත්කාරක රට ලෙස ක්‍රියාකිරීමට නියමිත ව ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදය යි. මේ වන විට එහි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමුළුවට සහභාගි වීම සඳහා අන් රටවලට ආරාධනය කරමින් සිටී. “ජී 7″ට අදාළ අනෙකුත් රටවල් වනුයේ කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය හා එක්සත් රාජධානිය යි. එහෙත් ට්‍රම්ප් උත්සාහ කරමින් සිටින්නේ ඒ හැර තවත් රටවල් කිහිපයක් ද මෙම කටයුත්තට සම්බන්ධ කර ගැනීමට යි.

සත්කාරකයාට කැමැති ඕනෑම රටකට ආරාධනා කිරීමේ අවසරය ප්‍රයෝජනයට ගනිමින් මේ වන විට ඉන්දියාව, ඕස්ට්‍රේලියාවෙ, දකුණු කොරියාව, රුසියාව ආදී ලොව වඩා බලවත් හා ජනගහණය අතින් අන් රටවලට වඩා ඉදිරියෙන් සිටින රාජ්‍යයන් කිහිපයක් 2020 සඳහා සම්බන්ධ කර ගැනීමට ට්‍රම්ප් උත්සාහ දරන බව පෙනේ. කලකට පෙර එකතු වූ රටවල් පමණක් මෙවැනි වැදගත් සද්කාර්යයකට සහභාගී කර ගැනීම අපරාධයක් බව ඔහු ප්‍රකාශ කරයි.

ආරාධනය පිළි ගෙන ඇමරිකාව බලා ගිය ද අදාළ රටවලට හැර අන් අයට එහි වැදගත් කිසිදු කාර්යයකට සම්බන්ධ විය නොහැකි ය. කෙසේ වුවත් මේ වන විට ඉන්දියාව ආරාධනය පිළිගෙන ඇති බව කියවේ. එනමුත් රුසියාව වැනි ඇතැම් රටවල් ට්‍රම්ප්ගේ ආරාධනය දැඩි ව ප්‍රතික්ෂේප කරති. ඒ මන්දයත්, බොහෝ පිරිසකට ආරාධනා කළ ද, ට්‍රම්ප් චීනය අත්හැර දමා ඇති බැවිනි. එම රටවල අදහස වන්නේ පැහැදිලිව ම චීනය වැනි බලවත් රාජ්‍යයක් හුදෙකලා කිරීමට ට්‍රම්ප් ගන්නා වෑයම සඳහා ඔවුන් කිසිසේත් සම්බන්ධ නොවන අතර, අදාළ ක්‍රියාව දැඩි පිළිකුලෙන් යුතු ව හෙළා දකින බව යි.