Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ජපාන තානාපති සහ ජනපති ගෝඨාභය අතර හමුවක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වූ වැඩසටහනට හා ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු වෙනුවෙන් ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගනිමින් අඛණ්ඩව සහාය වන බව ජපාන තානාපති හිදෙකි මිසුකොෂි (Hideaki Mizukoshi) මහතා පවසා තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග අද (01) පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේදී පැවති හමුවේදී තානාපතිවරයා මේ බව සඳහන් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබුණේ.

ශ්‍රී ලංකාව සමඟ තිබෙන ආර්ථික, සමාජයීය, සංස්කෘතික සබඳතා අඛණ්ඩව පවත්වා ගෙන යාමට කටයුතු කරන බව ද හිදෙකි මිසුකොෂි මහතා එහිදී පවසා තිබෙනවා.

ජපානය ශ්‍රී ලංකාව වෙනුවෙන් දක්වන සහාය පිළිබඳ ජනාධිපතිවරයා එහිදී ජපාන තානාපතිවරයාට සිය ස්තූතිය පලකළ බව සඳහන්.

මේ අතර පසුගියදා ජපන් තානාපතිවරයා සහ දෙමල ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් පිරිසක් අතර පැවති හමුවකදී ශ්‍රී ලංකාවට මුල්‍යාධාර පිරිනැමීම සම්බන්ධයෙන් ඔහු අදහස් දක්වා තිබුණා.

දෙමළ ජාතික සන්ධානයේ ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් මාධ්‍ය විසින් වාර්තා කර තිබුනේ ශ්‍රී ලංකාවට ලබා දෙන මූල්‍ය ආධාර සම්බන්ධ අවිධිමත් කලමනාකරණය හේතුවෙන් තමන් ලබා දෙන මූල්‍ය ආධාර අපතේ යා හැකි බවින් මේ මොහොතේ ලංකාවට මූල්‍යාධාර ලබා නොදෙන බව ජපන් තානාපතිවරයා සඳහන් කළ බවයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේජපාන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානියා විසින් අග්‍රාමාත්‍ය ලේකම් වරයා වෙත දැනුම් ඊමේල් පණිවිඩයක් යොමු කරමින් තම තානාපතිවරයා එවැන්නක් ප්‍රකාශ නොකළ බව දැනුම් දී තිබෙනවා.

About The Author