අදානි සමාගම ජෝන් කීල්ස් සමගම සමඟ එක්ව 85% කොටස් අයිතිය ලබා ගනී – 51%ක් කොටස් අදානි සමාගම සතු වෙයි – වරාය අධිකාරියට ඉතිරි 15%ක් පමණයි
කොළඹ වරායේ බටහිර පර්යන්තයේ 51% එකක කොටස් ඉන්දියාවේ අදානි සමාගමට පැවරීමට අදාළ ගිවිසුමට අද (30) පෙරවරුවේ කොළඹදී අත්සන් කර තිබෙනවා.
වරාය අධිකාරිය වෙනුවෙන් එහි සභාපතිවරයාත්, අදානි සමාගම වෙනුවෙන් එහි නියෝජිතයෙකුත් ගිවිසුමට අත්සන් කළ බව වරාය හා නාවුක අමාත්‍යාංශ ආරංචි මාර්ග මේ වන විට තහවුරු කර තිබෙනවා.
මේ අනුව සමාගමේ අනෙක් හවුල්කාර පාර්ශ්වය වන ජෝන් කීල්ස් සමාගම ද මේ සමගම බටහිර පර්යන්තයට අදාළ ගිවිසුමට අත්සන් කර තිබෙන්නේ බටහිර පර්යන්තයේ කොටස් වලින් 34% අයිතිය තමා සතු කරගනිමින්.
ඒ අනුව කොළඹ වරායේ බටහිර පර්යන්තයේ 51%ක කොටස් ඉන්දියාවේ අදානි සමාගමටත්, සියයට 34%ක් ජෝන් කිල්ස් සමාගමටත්, සියයට 15%ක් වරාය අධිකාරියටත් හිමිව තිබෙනවා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට