Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කොළඹ වරායේ කොටසක් ඉන්දියාවට විකිණීමට අදාළ කැබිනට් පත්‍රිකාවත් ඉදිරිපත් කර අවසන්

වසරකට බිලියන දාසයක් ලාභ උපයන කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය  ඉන්දියාවට විකිණීම සඳහා වන කැබිනට් පත්‍රිකාව රෝහිත අබේගුණවර්ධන මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බව  පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ  දේශපාලන මණ්ඩල සභික  දුමින්ද නාගමුව මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ  ඉන්දියාවේ Adani ports and logistics නම්  සමාගමකට කොළඹ සමාගමකට සමාගමකට කොළඹ  නැගෙනහිර  පර්යන්තය විකිණීම සඳහා  ආණ්ඩුව කටයුතු කරන බවයි.

රත්තරන් බිත්තර දමන කිකිළියෙකු  විකුණා  දමන පරිද්දෙන්  ආණ්ඩුව  විසින්  කොළඹ  වරායේ නැගෙනහිර පර්යන්තය විකුණා දැමීම කිසිසේත් අනුමත කළ නොහැකි බවයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පවසන්නේ.

ඉන්දියාව සතුව ඇති වරායන් අතරින් වැඩිම මෙහෙයුම් ධාරිතාවක් ඇති වරාය ජවහල්ලාල් නේරු වරාය බවත්  එය  ලෝක වරාය ශ්‍රේණිගත කිරීම් වල 34 වන ස්ථානයේ  පවතින බව පෙන්වා දෙන  දුමින්ද නාගමුව මහතා  ඉන්දියාව විසින් කොළඹ වරාය පර්යන්තය අත්පත් කරගනිමින් එයද තම මෙහෙයුම්වලට එක් කරගත හොත්   ඉන්දියාවේ   ජවහල්ලාල් නේරු වරාය  ලෝක වරාය ශ්‍රේණිගත කිරීම වල 16  වන ස්ථානය දක්වා ඉහළ යන බැවින් ඉන්දියාවක් කෙසේ හෝ කොළඹ  වරායේ  නැගෙනහිර පර්යන්තයක් පත්කරගැනීමට  කටයුතු කරමින් සිටින බව ද පෙන්වා දෙනවා,

ආණ්ඩු විසින් වර්තමානය වන විට කේක් ගෙඩියක් ආකාරයෙන් රටේ තිබෙන සම්පත් කැබලි කරමින්  චීනයට,ඉන්දියාවට සහ ඇමරිකාවට විකුණමින් සිටීන් බවද ඔහු වැඩි දුරටත් සදහන් කරනවා.

අදාළ වීඩියෝව පහළින්..