කොරෝනා වසංගතයට ශ්‍රී ලංකාව මුහුණ දීම සම්බන්ධයෙන් රජය ගෙන ඇති පියවර පිළිබඳ සහ එන්නත් මිලදී ගැනීමේ ක්‍රමවේදය පිළිබඳ සාමාන්‍ය පුරවැසියන් රැසක් නොදන්නා කරුණු පිළිබඳ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.
ඒ “කොරෝනා අභියෝගය හමුවේ ශ්‍රී ලංකාවේ තාරුණ්‍යය මුහුණ දෙන සමාජ දේශපාලනික සහ සෞඛ්‍ය අභියෝග” යන මැයෙන් පැවති දේශනයකට එක් වෙමින්.
මෙහිදී අදහස් දැක්වූ වික්‍රමසිංහ මහතා එන්නත් මිලදී ගැනීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක ජාත්‍යන්තර සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ මෙන්ම ඒ සම්බන්ධයෙන් රටවල් අනුගමනය කළා යුතු ක්‍රියාමාර්ග පිළිබඳවද දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කර තිබෙනවා.
එමෙන්ම ශ්‍රී ලංකා ආණ්ඩුව මේ වන විට කොරෝනා අභියෝගයට මුහුණ දීමේදී මගහැර ඇති ක්ෂේත්රයන් රැසක් පිළිබඳව ද වික්‍රමසිංහ මහතා මෙහිදී කරුණු හෙළි කර තිබෙනවා.
ඔහු පෙන්වා දී අත්තේ මේ මොහොතේ ආණ්ඩු පෙරළීමට වඩා රටේ ජනතාව මුහුණ දෙන සෞඛ්‍ය අභියෝගය ජය ගැනීම සඳහා සියලු දෙනා එක වී කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවයි.
සංස්කරණ කරන ලද සම්පුර්ණ කතාව පහළින්..
අත නොහැර කියවන තැන
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට
‘අභිචෝදක තනතුර’ නීතිය දේශපාලනයට යටකිරීමක් – හිටපු අගවිනිසුරුවරයෙක් ආණ්ඩුවට අනතුරු අඟවයි