කොරෝනා එන්නත වෙනුවට සේලයින් එන්නත් ලබාදෙමින් සිදුකළ ජාවාරමක් පිළිබඳ චීනයෙන් වර්තාවනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට මෙම ජාවාරමට පුද්ගලයින් 80 දෙනෙකුට වැඩි පිරිසක් චීන ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ ව්‍යාජ එන්නත් මාත්‍රා 3000 ක් ද සමගයි.
කොරෝනා වෛරසයට එරෙහි ඖෂධය වෙනුවට සේලයින් ලබාදීමේ ජාවාරමක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකදි මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සැකකරුවන් පසුගිය සැප්තැම්බර් මාසයේ සිට මෙම ජාවාරම සිදුකර ඇති බවට තොරතුරු අනාවරණ වී ඇති අතර පොලීසිය චීනයේ බීජිං අගනුවර, ෂැංහයි සහ නැගෙනහිර පළාතේ ෂැන්ඩොන්ග් හි ස්ථාන කිහිපයක මෙම වැටලීම් සිදුකර තිබේ.
මෙහිදී හෙළිව ඇති වැදගත්ම කාරණය වන්නේ අදාළ ව්‍යාජ එන්නත් විදේශ රටවලට යොමු කිරීමට ද සැකකරුවන් සැළසුම් කර තිබු බව හෙළි වීමයි.


අත නොහැර කියවන තැන
තායිවාන මුහුදු සීමාවේ චීන යුද අභ්‍යාසයක්
ට්‍රම්ප් පරිපාලනයෙන් හදිසි තීරණයක්: ශ්‍රී ලංකා තානාපති ඇතුළු 30ක් යළි කැඳවයි
උතුරු කැරොලිනාවෙන් වාර්තාවන හද කම්පා කරවන ගුවන් අනතුර