හිටපු කථානායකවරයකු මෙන්ම කෘතහස්ත දේශපාලනඥයකු වන කරූ ජයසූරිය මහතා “ශ්‍රී ලංකාභිමාන්‍ය”ගෞරව සම්මානයෙන් පිදුම් ලැබීමේ උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී පැවැත්විණි.
කරු ජයසූරිය මහතා ජාතිය උදෙසා කරන ලද උත්කෘෂ්ඨ සේවය අගයමින් ඒ මහතා වෙත මෙම සම්මානය පිළිගැන්විණි.
කරු ජයසූරිය මහතා වෙත පදක්කම් පළඳවා සම්මානය පිළිගැන්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු විය.
එහිදී “කරු ජයසූරිය අභිමානනීය ජීවිත ගමනේ ප්‍රභාෂ්වර ප්‍රත්‍යාවලෝකනය” නම් සමරු ග්‍රන්ථය කරු ජයසූරිය මහතා විසින් ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.
75 වන ජාතික නිදහස් සැමරුම නිමිත්තෙන් මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.
ජීවිත කාලය තුළ එක්වරක් පමණක් හිමි වන “ශ්‍රී ලංකාභිමාන්‍ය”ගෞරව සම්මානය ශ්‍රී ලංකා රජය විසින් ශ්‍රී ලාංකික පුරවැසියෙකුට හා ශ්‍රී ලාංකික නොවන පුද්ගලයෙකුට ලබා දෙන ඉහළම ජාතික සම්මානයයි.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි