Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කපුටා නැවතත් කාක් කියයි : අඬපු අයට ළඟදීම ඇමතිකම් : සජිත් ලියුම් බෙදිල්ලක

නුදුරේදීම රාජ්‍ය අමාත්‍යවරුන් රැසක් දිවුරුම් දීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරනවා.

එමෙන්ම කැබිනට් මණ්ඩලයේ සංශෝධනයක් ද සිදු කිරීමට සැලසුම් සකස් කර ඇති බවටද තොරතුරු වර්තාවනවා.

ගෙවුණු සතිය තුළ විපක්ෂය ද  ආණ්ඩුවේ වැඩපිළිවෙළට එරෙහිව රටපුරා විරෝධතා මාලාවක් සංවිධානය කර තිබුණා.

මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙරට ලියාපදිංචි දේශපාලන පක්ෂ සියල්ල ඒකරාශි කරගනිමින් ආණ්ඩුවට එරෙහි දැවැන්ත විපක්ෂ සන්ධානයක් නිර්මාණය කිරීම සඳහා කටයුතු කරමින් සිටින බවට තොරතුරු ලැබී තිබෙනවා.

ඒ සඳහා මෙරට ලියපදිංචි දේශපාලන පක්ෂය 82ක් අතුරෙන් 80 කට ඔහු විසින් ලිපි යොමුකර ඇති අතර පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය අතහැර එම ලිපි යොමු කිරීම විශේෂත්වයක්.

මේ අතර පසුගියදා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළ විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපතිවරයා සහ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අතර කෝප් කමිටු රැස්වීමෙන් පසුව ඇති වූ අදහස් හුවමාරුව පිළිබඳව ද දේශපාලන ආරංචි මාර්ග තොරතුරු වාර්තා කර තිබෙනවා.

ගෙවුණු සතියේ දේශපාලනයේ අභ්‍යන්තර තොරතුරු පිළිබඳ අපගේ නිල You tube නාලිකාව ඔස්සේ ගෙන ආ විශේෂාංගය පහළින්..