Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ඔබතුමාව අයින් කරන්න යන්නේ කියල මමත් දන්නවා : මාස හයෙන් රට හදන්න බෑ – හැරෙන තැපෑලෙන් අනුර අගමැතිට උත්තර දෙයි

සාමාන්‍ය ජනයාගේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා මාස 6කට අගමැති ධූරය භාර ගත්ත ද මෙම අර්බුදය මුළුමනින් ම විසඳීමට නම් මාස 06 ක පමණ කාලය කිසිවෙකුට ත් ප්‍රමාණවත් නොවන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

අනුර කුමාර දිසානායක මහතාට මාස 06ක් ඇතුළත ආර්ථිකය ගොඩනැගීමට හැකි නම් ඒ සඳහා ඉඩ ලබා දී තමන් ඇතුළු අමාත්‍ය මණ්ඩලය ඉවත්වීමට සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් අද (ජූලි 5) පාර්ලිමේන්තුවෙන් ඔහු මේ බව සඳහන් කළේ ය.

අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ. වර්තමානයේ රට වැටී ඇති තත්ත්වයෙන් ගොඩ ඒමට නම් දිගු කාලීන ආර්ථික සැලස්මක් අවශ්‍ය බව ය.

කෙසේ නමුත් ජනතාව ජීවත් කර වීම සඳහා මූලික පදනමක් අවශ්‍ය අතර ගෑස්, ඉන්ධන, ඖෂධ, ආහාර, අධ්‍යාපනය වැනි මූලික අවශ්‍යතා පවත්වා ගෙන යාම සඳහා සාමාන්‍ය තත්ත්වයක් ඇති කිරීමට මාස 6ක කාලයක් අවශ්‍ය බව ඔහු පැවසීය.

මෙම තත්ත්වය සාමන්‍යකරණය කිරීම කඩිනමින් සිදු කිරීමට හැකි යැයි තමන් විශ්වාස කරන බව අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ ය.

“මගේ යෝජනාව තිබෙන්නේ සාමාන්‍ය ජනයාගේ ජන ජීවිතය යථාවත් කර ගන්න අපි ඕන්නම් භාර ගන්නම් අපි භාර ගන්න ලෑස්ති හැබැයි මේ අර්බුදය මුළුමනින් ම ගොඩ ගැනීම සඳහා නම් ජන වරමකින් නව ආණ්ඩුවක් ගොඩ නගා ගත යුතුයි ඒක ආණ්ඩුවත් ගොඩ නැගෙයි ද කාටහරි බහුතතරයක් ලබා දෙයි ද ඒක අපිට වෙන ම කතා කරන්න පුළුවන්, නමුත් මේ අර්බුදයෙක් ගොඩ ඒම සඳහා දීර්ඝ සැලසුමක් ක්‍රියාත්මක කරන්න නම් ජනතාවගේ අනුමැතිය අවශ්‍යමයි අන්න ඒ තීරණේ මම ඉන්නවා.”

මේ පිළිබඳව වැඩිදුරට ත් අදහස් දක්වමින් අනුර කුමාර දිසානායක මහතා මෙසේ ද පැවසීය.

“මට නොබෙල් ත්‍යාගය දෙන්න. ඔබතුමා අයින් වෙන්න. ඔබතුමා අයින් වුණත් මාව පත් කරන්නේ නැහැ නේ. ඔබතුමාට ඕන නම් අයින් වෙන්න පුළුවන් පත් වීමේ බලයක් නැහැ නේ. ඔබතුමා ඒකත් තේරුම් ගන්නකෝ. මන් දන්නවා ඔබතුමා අයින් කරන්න හදන බවත් මම ඒක දන්නවා. ඔබතුමා අයින් වෙලා මට දෙන්න එහෙම බලයක්වත් ඔබතුමාට නැහැ.”

© මව්බිම

About The Author