මහින්ද රාජපක්ෂ මහතාගේ මුස්ලිම් කටයුතු ලේකම් ශිරාස් යූනුස් නැවත කරලියේ
මහින්ද රාජපක්ෂ මහතාගේ මුස්ලිම් කටයුතු සම්බන්ධීකාරක ලෙස තමන් කටයුතු කරන බව ප්‍රසිද්ධියේ නොබියව සඳහන් කරමින් ආණ්ඩුවේ ක්‍රියාකාරකම් පිළිබඳ දැඩි විවේචනයක යෙදෙන ශිරාස් යුනුස් (Shiraz Yunus) මහතා සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතා විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඔහු පෙන්වා දී ඇත්තේ ශිරාස් යුනුස් මහතා අග්‍රාමාත්‍ය කාර්යාලයට සම්බන්ධ කිසිදු තනතුරක් නොදරන බවයි.
ඊට අදාළ මාධ්‍ය නිවේදනය පහළින්..
ශිරාස් යුනුස් (Shiraz Yunus) මහතාට අග්‍රාමාත්‍ය කාර්යාලයේ කිසිඳු තනතුරක් ලබා දී නොමැත
ශිරාස් යුනුස් (Shiraz Yunus) මහතා ගරු අග්‍රාමාත්‍යතුමාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලෙස කටයුතු නොකරන, අතර එවැනි තනතුරක් අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් ලබා දී නොමැති බව මෙයින් දන්වා සිටිමි.
ශිරාස් යුනුස් (Shiraz Yunus) මහතා විසින්, ගරු අග්‍රාමාත්‍යතුමාගේ මුස්ලිම් කටයුතු පිළිබඳ සම්බන්ධීකරණ ලේකම්වරයා ලෙස කටයුතු කරන බව පවසමින් සිදු කරන ප්‍රකාශ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ කිසිඳු සම්බන්ධයක් නොමැති බව ද මෙයින් ප්‍රකාශ කරමි.
එසේම, ඔහු හට කිසිඳු ආකාරයේ තනතුරක් අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් ලබා දී නොමැත.
ඔහුගේ ප්‍රකාශ සම්පූර්ණයෙන්ම පුද්ගලික වන අතර වත්මන් අග්‍රාමාත්‍යතුමා හෝ අග්‍රාමාත්‍ය කාර්යාලය එම අදහස් අනුමත නොකරන බවද වැඩිදුරටත් දන්වා සිටිමි.
රොහාන් වැලිවිට,
අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්.
ශිරාස් යුනුස්ගේ ප්‍රතිචාරය
අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් වරයාගේ නිවේදනයට ප්‍රතිචාර දක්වමින් ශිරාස් යුනුස් මහතා සඳහන් කරන්නේ ජනතා බදු මුදලින් යැපෙන , රජයේ වාහන පරිහරණය කරන සේවා ගණයේ කිසිදු තමන් විසින් නොදරන බවයි.
2018 වසරේ සිට මහින්ද රාජපක්ෂ මහතාගේ මුස්ලිම් කටයුතු සම්බන්ධීකාරකවරයා ලෙස කටයුතු කරන බවද ඔහු පවසනවා.
ඊට අදාලව තානාපති කාර්යාල මට්ටමින් ද තමා මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් ගනුදෙනු කර ඇති බව ද ශිරාස් යුනුස් මහතා පවසනවා.
ශිරාස් යුනුස්ගේ ආන්දෝලනාත්මක කතා
කෙසේ වෙතත් ශිරාස් යුනුස් මහතා සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්වරයා විසින් මෙවැනි මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීමට දී තිබෙන්නේ ඔහු පසුගිය දින වල You tube සහ තවත් සමාජ මාධ්‍ය ජාල කිහිපයක් ඔස්සේ සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපයක් හේතුවෙන් බවයි වාර්තා වන්නේ.
ශිරාස් යුනුස් මහතා පසුගියදා Mee Massoo TV සමගින්ද විශේෂ සංවාදයකට එක් වුණා.
එහිදී ඔහු ආන්දෝලනාත්මක ප්‍රකාශයන් රැසක් සිදු කළ අතර ඒ සම්බන්ධයෙන් සමාජය තුළ වැඩි කතා බහක් නිර්මාණය වුණා.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි