විකිරණශීලි සුනාමියක් ඇති කළ හැකි න්‍යෂ්ටික බලය සහිත දිය යට ක්‍රියා කරන ඩ්‍රෝනයක් උතුරු කොරියාව අත්හදා බලා තිබේ. මෙම ඩ්‍රෝන යානාවට දිය යටින් ගොස් ප්‍රහාර එල්ල කිරීමේ හැකියාවද තිබේ.
පසුගිය 21 සිට 23 දක්වා පැවති අවි අත්හදා බැලීම් මාලාවක් අතරතුර දී මෙම දියයට ඩ්‍රෝන යානාව උතුරු කොරියාව අත්හදා බලා ඇත. මෙම ඩ්‍රෝන යානාව පැය 60 ක පමණ කාලයක් දිය යට අත්හදා බැලීමෙන් අනතුරුව නැගෙනහිර වෙරළේදී පුපුරුවා හැර තිබේ.
මෙම උපාය මාර්ගික ඩ්‍රෝන අවිය නිපදවීමේ අරමුණ වන්නේ සතුරු සීමාවට සතුරන්ට නොදැනෙන පරිදි ඇතුළු වී විකිරණශීලි සුනාමියක් ඇති කිරීමෙන් සතුරු ඉලක්ක විනාශ කර දැමීම බව උතුරු කොරියානු මාධ්‍ය වාර්තා කර ඇත.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට