Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

“උඩඟු උම්මන්තකගේ” අධිකරණය කෙලෙසන ජනාධිපති කැකිල්ලේ කොමිසම ට එරෙහිව සටන් කරනවා – අනුර කුමාර දිසානායක

යහපාලන රජය සමයේ දේශපාලන පලිගැනීම් මත අධිකරණයේ නඩු ගොනු කල බව පවසමින් ඒවාට චෝදනා ලැබූ වත්මන් ආණ්ඩුවට සම්බන්ධ දේශපාලකයන්ගේ සහ සිවිල් පුද්ගලයන්ගේ පැමිණිලි විභාග කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගය මත දේශපාලන පලිගැනීම් පිළිබඳ කරුණු සොයා බැලීමේ ජනාධිපති කොමිසමක් පත් කරන ලද අතර මේ වන විට එහි වාර්තාව ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරි පත් කර තිබෙනවා.

එහිදී අදාළ කොමිසන් වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා ද තවත් කොමිසමක් පත් කිරීමට මේ වන විට පියවර ගෙන ඇති අතර අදාළ ක්‍රියාවලිය සම්බන්ධයෙන් සමජයේ දැඩි කතාබහක් මෙන්ම විපක්ෂයේ විරෝධයක්ද නිර්මාණය වී තිබෙනවා.

මේ පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ තවත් සිවිල් සංවිධාන රැසක් සමග එක්ව “ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ජනතා ව්‍යාපාරය” නමින් රට පුරා දේශන මාලාවක් සංවිධානය කර තිබෙනවා.

“ජනාධිපතිගේ කැකිල්ලේ කොමිසම මොකද කළේ” යන තේමාව යටතේයි.

ඒ අනුව පසුගියදා කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ මෙහි එක දේශනයක් පැවැත්වුණා.

රටේ නීතියේ ආධිපත්‍ය සම්පුර්ණයෙන් කෙලෙසා දමමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයාබැලීමට පත් කළ ජනපති කොමිසම කටයුතු කරමින් ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් එහිදී සඳහන් කළා.

අනුර කුමාර මහතා පවසන්නේ මේ අයුරින් රටේ අධිකරණය, පොලිසිය , නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළු අපරාධ විසදීම සඳහා කටයුතු කරන ආයතන වලට අයුතු බලපෑම් කරමින් ඒවායේ නිලධාරීන් බියගන්වමින් මෙම උමතු ක්‍රියාවලිය සිදු කෙරෙන බවයි.

ජනාධිපතිවරයා උමතු , උඩඟු , උම්මන්තකයෙකු ලෙස ක්‍රියාකරමින් සිටින බව පැවසු දිසානායක මහතා , රටේ අධිකරණ ක්‍රියාවලිය සම්පුර්ණයෙන්ම විනාශ කර තිබෙන බවයි.

ඒ හරහා පැමිණිලිකරුවන් අපරාධකරුවන් බවට පත්කර ඇති බවද පැවසු අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයා විසින් දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බැලීමට පත් කරන ලද කොමිසමේ සාමාජිකයන් අන්ත දුෂිතයන් බවද සඳහන් කළා.