වැඩේට කැබිනට් අනුමැතියත් හිමිවෙයි : තම රට ගොඩ දාන හැටි ඉන්දියාව කියාදෙයි
ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට සුවිශේෂී ණයක් හිමිවී තිබෙනවා.
ණය ලබාදීමට අමතරව අදාල ණය මුදල් වැය කරමින් ගත යුතු භාණ්ඩ තෝරා දෙන්නේ ද ඉන්දියාවයි.
පවතින ආර්ථික අස්ථාවරත්වය මත ශ්‍රී ලංකාවට වාහන ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම නතර කර ගැනීමට රජය තීරණය කර තිබෙන අවස්ථාවක අදාල ප්‍රතිපත්තිමය තීරණය පවා වෙනස් කිරීමට කැබිනට් මණ්ඩලය පසුගියදා පියවර ගනු ලැබුවා.
ඒ අනුව ඉන්දියාව ලබාදුන් ණය මුදල් යොදාගනිමින් ඉන්දියාවේම නිෂ්පාදිත බස්රථ 500 ක් සහ ජීප් රථ 750 ක් මෙරටට ආනයනය කිරීමට නියමිතයි.
ලොරි බස්
ඉන්දියාවේ බස්රථ සම්බන්ධයෙන් සමාජය තුළ පවතින්නේ ප්‍රසාදයක් නොවේ.
ලොරි රථ සඳහා සකස් කරන ලද චැසියට ආසන සවි කර ඉන්දියාවේ ලේලන්ඩ් සමාගමේ බස්රථ නිර්මාණය කරන බවටයි චෝදනා එල්ල වන්නේ.
මේ තත්ත්වය තුළ බස් රථවල පා පුවරුව ඉතා ඉහල උසකින් පවතින අතර වයෝවෘද්ධ සහ ආබාධිත පුද්ගලයන්ට මෙන් ම කුඩා දරුවන්ට පවා බස් රථවලට ප්‍රවේශ වීම අනතුරුදායක සහ අපහසු කටයුත්තක් වී තිබෙනවා.
මේ හේතුවෙන්ම සිදු වූ අනතුරු රැසක් ද වාර්තා වීම හේතුවෙන් ඉන්දීය බස්රථ වෙනුවට මගී ප්‍රවාහනය සඳහා ම සකස් කරන ලද තත්වයෙන් උසස් බස් රථ මිලදී ගැනීමේ අවශ්‍යතාව විවිධ කාල වකවානුවලදී රටේ දේශපාලකයන් විසින්ම පෙන්වා දෙනු ලැබුවා.
එවන් වටපිටාවක් තුළයි ඉන්දියාවෙන් බස්රථ 500ක් ආනයනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබෙන්නේ.


අත නොහැර කියවන තැන
පොලිස්පතිව හොයාගන්න බැරි රටේ අපරාධකරුවන් හොයාගන්නේ කොහොමද? – දේශබන්දු අතුරුදන්
ගිහිල්ලා මහ බැංකුව වට කරන්න ජනාධිපති උපදේශකයෙකු කියලා
ජල පිරිපහදුවට ගෙන්වූ ‘ලයිම්’ වල ක්‍රෝමියම් වැඩියි.. පිළිකා ඇතිවීමේ අනතුරක්..?