Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ඉතියෝපියානු රජය ටයිග්‍රේ පරාජය කරයි ද?

ඉතියෝපියාවේ ජාතික ආරක්ෂක බලකාය (ඊ.එන්.ඩී.එෆ්.) විසින් එරට ටයිග්‍රේ කලාපයේ අගනුවර වන මෙකෙල් ප්‍රදේශයේ පාලනය සියතට ගත් බව අග්‍රාමාත්‍ය අබී අහමඩ් විසින් ට්විටර් පණිවිඩයකින් දන්වා තිබේ. සෙනසුරාදා පෙරවරුවේ එම නගරය දරුණු බෝම්බ ප්‍රහාරයකට ලක් විය. ඒ අනුව ටයිග්‍රේ මහජන විමුක්ති පෙරමුණේ (ටී.පී.එල්.එෆ්.) සාමාජිකයින් වටකර ගැනීමට ෆෙඩරල් පොලිසිය දිගින් දිගට ම කටයුතු කරනු ඇත. ටී.පී.එල්.එෆ්. සතුව සිටින උතුරු අණදෙන නිලධාරීන් දහස් ගණනක් මේ වන විට නිදහස් කර ඇති බව අබී පවසයි. ගුවන්තොටුපල, රාජ්‍ය ආයතන, ප්‍රාදේශීය

පරිපාලන කාර්යාලය සහ අනෙකුත් තීරණාත්මක පහසුකම් ඊ.එන්.ඩී.එෆ්. පාලනය යටතේ පවතී. අග්‍රාමාත්‍යවරයා ටයිග්‍රේ ජනතාවට ස්තූතිය පුද කළ අතර ඊළඟ තීරණාත්මක කාර්යය වන්නේ විනාශ වී ඇති දේ නැවත ගොඩනැඟීමට කටයුතු කිරීම බව ද පැවසී ය.

ඇබීගේ අනතුරු ඇඟවීමෙන් දින දෙකකට පසුව, ටයිග්‍රේහි උතුරු ප්‍රතිරෝධක කලාපය නීතිය ක්‍රියාත්මක කිරීමේ මිලිටරි මෙහෙයුමක අවසන් අදියර කරා පැමිණියේ ය. පැය 72කට පසු යටත් වීමට ලබා දී තිබූ කාලය ඉකුත් විය. ටී.බී.එල්.එෆ්. හි නායක ජෙබ්‍රෙමිචයිල් විසින් රොයිටර් පුවත් සේවය වෙත කෙටි පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ මෙකෙල් ප්‍රදේශය දැඩි බෝම්බ හෙලීම්වලට ලක් ව ඇති බවයි. ෆෙඩරල් රජයේ හදිසි කාර්ය සාධක බලකායේ ප්‍රකාශයකට අනුව දෙපාර්ශ්වයෙන් ම මානුෂීය කොරිඩෝවක් විවෘත වනු ඇත. 

ඒ කෙසේ වුවත් ෆෙඩරල් හමුදා කිසිදු හේතුවකින් තොරව අහිංසක සිවිල් වැසියන් බොහෝ සංඛ්‍යවෙක් අමු අමුවේ ඝාතණය කළ බවට ටයිග්‍රේ පාක්ෂිකයෝ චෝදනා කරති. මෙකෙල් ප්‍රදේශය තුළ සටන් කිරීමේ දී සිවිල් වැසියන්ට එරෙහි ව සිදු වූ හිංසනය පිළිබඳ ජාත්‍යන්තර නායකයින් දැඩි කනස්සල්ල පළ කර තිබේ. යුනිසෙෆ් සංවිධානයට අනුව අග නගරය තුළ මිලියන භාගයක් පමණ පදිංචිකරුවෝ වෙසෙති. තමන් ජාත්‍යන්තර ප්‍රජාවගේ සැලකිල්ල අගය කරන බවත්, මෙහෙයුම අතරතුර සිවිල් වැසියන් ඉලක්ක කර නො ගත් බවත් ෆෙඩරල් රජය කියා සිටී. 

ඔවුන් එසේ පැවසුව ද මෙම නොබෙල් ත්‍යාගලාභී නායකයා නොවැම්බර් 4 වන දින සටන ආරම්භ කළ දා සිට ඉතියෝපියාවේ සරණාගතයින් 43,000කට වැඩි ප්‍රමාණයක් අසල්වැසි සුඩානයේ සරණ සොයා ගොස් ඇත.