අද දවසට තුනක්
දිවයිනේ ප්රදේශ කිහිපයකින් ඇළදොළ වල සහ මුහුදේ පාවෙමින් තිබු මළ සිරුරු කිහිපයක් සොයාගෙන තිබෙනවා.
අද (10) පෙරවරුවේ බම්බලපිටිය සහ වැල්ලවත්ත අතර වෙරළ තීරයේ තිබූ මළ සිරුරු දෙකක් හමුව තිබෙනවා.
පොලිසිය පවසන්නේ මරණකරුවන් පිරිමි පුද්ගලයින් බවයි.
මේ අතර කොළොන්නාවේ තෙල් සංස්ථාව අසළ ඇළේ ද පව්මින් තිබු පිරිමි පුද්ගලයකුගේ මළ සිරුරක් අද හමුව තිබෙනවා.
පොලිසිය පවසන්නේ කොළොන්නාව මීතොටමුල්ල ප්රදේශයේ පදිංචි පුද්ගලයෙකු මෙසේ මිය ගොස් ඇති බවයි.
එම මරණයට හේතුව මෙතෙක් හෙළිව නැති අතර පොලිස් පරීක්ෂණ තව දුරටත් ක්රියාත්මකයි.
මේ අතර දිගින් දිගටටම මේ අයුරින්ම මිය ගිය පුද්ගලයින් රැසකගේ මළසිරුරු ඇළ දොළ ගංගා සහ මුහුදේ පාවෙමින් තිබියදී හමු වුණා.
යාපනය මුහුදේ පාවෙමින් තිබූ මළ සිරුරු තුන මෙන්ම දියවන්නා ඔයේ දිඹුලාගල හංදිය අසල පාලම යට කිඹුලකු විසින් ඩැහැගත් මළ සිරුර ද ඒ අතරින් විශේෂයි.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි