තංගල්ල කාල්ටන් නිවසේ දී තිත්තගල්ලේ ආනන්දසිරි නම් භික්ෂුවක් ධර්ම කරුණු වලින් බැහැරව බුදුදහමට සහ බුදුන්වහන්සේට අපහාස වන අයුරින් සිදු කළ ධර්මදේශනාවක් සම්බන්ධයෙන් ජාතික විද්වත් සංඝ සභාව විසින් තංගල්ල මහාධිකරණයේ නඩුවක් පවරා තිබෙනවා.
මෙහි ඇති විශේෂත්වය වන්නේ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාටද මෙම නඩුවේ චෝදනා ගොනු කර තිබීමයි.
එම ආන්දෝලනාත්මක ධර්ම දේශනයට අදාළ වීඩියෝව අන්තර් ජලය හරහා සොයා ගැනීමට අපට හැකි වූ අතර එය අන්තර්ජාලය වෙත මුදා හැර තිබෙන්නේ “ලොව්තුරු සුවය Unrivalled Merriment” නම් facebook සමුහයක් හරහායි.
පිටිදුවේ සිරිධම්ම නම් භික්ෂුවගේ ඡායාරුපයක් ද එහි ඉහලින් පළ කොට ඇති අතර බැලු බැල්මට පිටිදුවේ සිරිධම්ම භික්ෂුව ඇතුළු ඔහුගේ කණ්ඩායම නියෝජනය කරන භික්ෂුන්ගේ දේශනා ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් අදාල සමුහය ගොඩ නගාගෙන ඇති බවයි.
අදාළ වීඩියෝව පහළින්..
පහත link එක හරහා ඔබට අදාල Facebook සමුහය සමග සම්බන්ධ විය හැක. https://web.facebook.com/watch/Univer….
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි