Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ආණ්ඩුව වැට උඩ : තුනෙන් දෙකේ කතා ඉවරෙටම ඉවරයි : ඇයවැයටත් අවදානමක්

ආණ්ඩුවේ තුනෙන් දෙකක බහුතර බලය මේ වන විට සම්පුර්ණයෙන්ම ගිලිහී ගොස් ඇති අතර බහුතර බලයද අවදානම් සහගත අගයකට ළඟ වී තිබෙනවා.

ආණ්ඩු පක්‍ෂය නියෝජනය කළ මන්ත්‍රීවරුන් 13 දෙනෙකු පසුගියදා (31) පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගැනීමත් සමග ආණ්ඩු පක්ෂයට සහාය පළ කරන මන්ත්‍රී සංඛ්‍යාව 116 දක්වා පහළ අගයකට වැටී තිබීම මීට හේතුවයි.

විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රී පිරිස මේ වන විට 108 ක්.

ඒ අනුව ආණ්ඩුව නිල වශයෙන් බහුතරය පවත්වාගෙන යන්නේ මන්ත්‍රී ආසන හතරක පරතරයකින් වීම විශේෂත්වයක්.

එමෙන්ම මෙම තත්වය අයවැය සම්මත කිරීමේ ඡන්ද විමසීමද දැඩි බලපෑමක් ඇති කළ හැකි බවටද තොරතුරු වාර්තාවනවා.

About The Author