Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ආණ්ඩුව ගෑස් මිලදී ගන්නා විට අතර මැදියන් 10 දෙනෙකුට කොමිස් ගෙවලා : දේශපාලන හෙංචෙක් ප්‍රකෝටි පතියෙක් වෙලා

ආසියාවේ වැඩිම ගෑස් මිලත් ලංකාවේ

මෙරට ජනතාවට අඩු මිලකට ගෑස් ලබාදීමට නොහැකි වී ඇත්තේ ගෑස් මිලට ගැනීමේදී අතරමැදියන් 10 දෙනකුට කොමිස් ලබාදීමට සිදුවීම නිසා යැයි අනාවරණය වී ඇත.

රුසියාව ඉතා අඩු මුදලකට ඉන්දියාවට ගෑස් අලෙවි කරන අතර වත්මන් රජය බලයට පත්වූ දින සිටම රුසියාවෙන් අඩු මිලට ගෑස් ලබාගෙන නැත.

යුක්රේන යුද්ධය ආරම්භ වීමට පෙර රුසියාවේ ගෑස් ප්‍රොම් සමාගමින් ගෑස් මිලට ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව තිබුණත් අතරමැදියන් හරහා වැඩි මිලකට ගෑස් මිලට ගෙන තිබේ.

ලිටෝ සමාගමේ සේවය කළ දේශපාලන ආධාරකරුවකු ගෑස් මිලට ගැනීමේ ගනුදෙනුවෙන් සුපිරි කෝටිපතියකු වී ඇතැයි ද ඔහු සතු වත්කම් ස්විස් බැංකුවක ඇතැයි ද වාර්තා වේ.

ආසියාවේ අධික මිලකට ගෑස් අලෙවි කරන්නේ ශ්‍රී ලංකාවේ බව අනාවරණය වී ඇත.

© දිවයින