ආණ්ඩුව විසින් වර්තමානයේ දුෂිතයන් ආරක්ෂා කරමින් පරිසරය විනාශයට අනුබල දෙමින් කටයුතු කරන්නේ රෙදි ඇඳගෙන දැයි අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රශ්න කර සිටිනවා.
උන්වහන්සේ පෙන්වා දෙන්නේ සංචාරකයන් ගෙන්වා ගැනීමට පෙර රටේ පුරවැසියන්ගේ උවමනා එපා කම් සොයා බැලීමට ආණ්ඩුව කටයුතු කළයුතු බවයි.
එමෙන්ම මේ වන විට කඩොලාන පරිසර පද්ධතියක් විනාශ කිරීමට රජය ක්‍රියා කරමින් සිටින බවත් වහා එය නතර කිරීමට පියවර ගන්නා ලෙසත් උන්වහන්සේ සදහන් කළා.
ආණ්ඩුවට තාවකාලිකව බලය ලබා දී ඇත්තේ රටේ සම්පත් ආරක්ෂා කිරීමට බවත් රටේ කිසිදු සම්පතක් විකුණා දැමීමට රජයකට කිසිදු අයිතියක් නැති බවත් පෙන්වා දුන් අගරදගුරු හිමියන් එසේ කිරීමට යමෙකුට අවශ්‍ය නම් තම පුද්ගලික දේපල එසේ විකුණා ගන්න ලෙසද සදහන් කළා.
රජයේ ක්‍රියාකලාපය පිළිබද දැඩි කනස්සල්ලෙන් අදහස් පල කල උන්වහන්සේ අසදරණයට එරෙහිව නැගී සිටින ජනතාව ආරක්ෂා කරමින් තමන්වහන්සේද පෙනී සිටින බවද සදහන් කළා.
අදාල වීඩියෝව පහළින්..
අත නොහැර කියවන තැන
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට
‘අභිචෝදක තනතුර’ නීතිය දේශපාලනයට යටකිරීමක් – හිටපු අගවිනිසුරුවරයෙක් ආණ්ඩුවට අනතුරු අඟවයි