Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

අර්බුද මැද කොවිඩ් සිව්වැනි මාත්‍රාවත් කරළියට ..

සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කරන පරිදි ලබන සඳුදා (09) සිට කොරෝනා එන්නත් සිවුවන මාත්‍රාව ලබාදීම ආරම්භ කිරීමට නියමිතයි. එය දෙවන වර්ධක මාත්‍රාව ලෙස සැලකිය හැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම සිවුවන එන්නත් මාත්‍රාව ලබාගැනීම වයස අවුරුදු හැට ඉක්මවුවන්ට අනිවාර්ය වේ. වයස අවුරුදු විස්සත් හැටත් අතර පුද්ගලයන්ට අවශ්‍ය නම් පමණක් මෙම එන්නත ලබාගැනිම සිදුකළ හැකිය.