ළදරුවන්ට සහ මව්වරුන්ට අමතර පෝෂණ ආහාරයක් ලෙස ලබා දෙන ත්‍රිපෝෂවල ඇෆ්ලටොක්සීන් විෂ රසායනිකය අඩංගු බව හෙළිවීම සම්බන්ධයෙන් අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය අදාළ විෂය භාර සෞඛ්‍ය ඇමතිවරයාගෙන් ඍජුව ප්‍රශ්න කර තිබෙනවා.
ඊයේ (29) පසුවරුවේ එම සංවිධානයේ නියෝජිතවරියන් සහ ප්‍රජා වෛද්‍ය විශේෂඥ නිහාල් අබේසිංහ අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා හමුවී මේ පිළිබඳ සාකච්ඡා කර තිබෙනවා.
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ ලේකම් සරෝජා සාවිත්‍රි පෝල්රාජ් එම සංවිධානයේ ජාතික සංවිධායිකා සමන්මලී ගුණසිංහ යන නියෝජිතවරියන් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතාට අමතරව මේ සඳහා එක්ව තිබෙනවා. සමඟ එක්වී සිටියෝහ.
එම නියෝජිතයන් එකිනෙක කරුණු සහිතව සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල සමඟ සාකච්ඡා කර ඇති අතර ත්‍රිපෝෂවල විෂ රසායනිකයන් අඩංගු බව තමා පිළිගන්නා බවත්, ඒ ඇතැම් සාම්පලවල පමණක් බවත් සෞඛ්‍ය ඇමතිවරයා ප්‍රකාශ කර ඇති බවයි පැවසෙන්නේ.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි