Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

අතින් දමා අපහාස කරමින් තම කීර්ති නාමයට හානි කළ බව පවසා ශානි අබේසේකර හිරුට නඩු දමයි : චමුදිතත් විත්තිකරුවෙකු කරලා

සැලසුම් සහගත ලෙස තොරතුරු ඉදිරිපත් කරමින් තම කීර්ති නාමයට කැළලක් සිදු කළ බව පවසමින් මෙරට ප්‍රකට රහස් පොලිස් නිලධාරියෙකු වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා නඩුවක් පවරා තිබෙනවා.

රුපියල් මිලියන 500 ක වන්දියක් ඉල්ලා ගොනු කර ඇති මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර ඇත්තේ ඒෂියා බ්‍රෝඩ්කාස්ටින් කෝපරේෂන් (පුද්ගලික) සමාගම ( හිරු ) සහ එහි උදැසන පත්තරේ විස්තරේ වැඩසටහන ඉදිරිපත් කරන මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතායි.

2021 ඔක්තෝම්බර් 19 දා උදෑසන විකාශය කළ ‘පත්තරේ විස්තරේ’ වැඩ සටහන ඉදිරිපත් කරමින් චමුදිත සමරවික්‍රම මහතා තම කීර්ති නාමයට සැළසුම් සහගත ලෙස හානි කිරීමේ අරමුණින් අසත්‍ය, හිතා මතා ද්වේශ සහගත සහ අපහාසාත්මකව ප්‍රකාශයක් සිදු කළ බවට චෝදනා කරමින් තමන්ට සිදුවූ කළ අගතිය වෙනුවෙන් ශානි අබේසේකර මහතා මෙම වන්දි මුදල ඉල්ලා තිබෙනවා.

ශානි අබේසේකර මහතා වෙනුවෙන් එම නඩුවට පෙනී සිටින්නේ අල්ලස් හෝ දුෂණ වංචා විමර්ශන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් ජනාධිපති නීතිඥ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියයි.

ශානි අබේසේකර මහතා විසින් පවරන ලද නඩුවේ සම්පූර්ණ සිංහල පිටපත පහළින්..