අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රටේ ජනතාව අමතමින් විශේෂ ප්‍රකාශයක් සිදුකළා.
රටේ ජනතාව වෙනුවෙන් තමන් අග්‍රාමාත්‍ය ධුරය භාර ගත් ආකාරය පිළිබඳව සහ ඒ වෙනුවෙන් කැප කිරීම් සිදුකළ ආකාරය ද ඔහු මෙහිදී පැහැදිලි කළා.
අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රටේ ජනතාව වෙනුවෙන් ඉදිරි සති කිහිපයේ තිරණාත්මක වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වීමට නියමිතව ඇති පසුබිමක අරාජික වූ රාජ්‍යයක් නිර්මාණය වීමට ඉඩ නොදිය යුතු බවයි.
ඉතා වටිනා පොත්පත් සහ චිත්‍ර රැසක් අඩංගු තම නිවස තමන්ට ලෝකයේම ඇති එකම නිවස බව ද ඔහු මෙහිදී සඳහන් කළා.
තම නිවස ගිනි තැබීම පිටුපස කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ ආකාරය ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැහැදිලි කළා.
ඔහු පෙන්වා දුන්නේ තම ප්‍රකාශයක් දිගින් දිගටම විකෘති කර දක්වමින් සිරස මාධ්‍ය ආයතනය මේ සඳහා ජනතාව කුපිත කළ බවයි.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට