රට වසා දැමීම ගැන ස්ථාවරයත් කියයි
කොරෝනා වසංගතයට මුහුණ දෙමින් සිටින අතරතුර දීර්ඝකාලීනව රට වසා දැමීම ප්‍රායෝගික නොවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැති සාකච්ඡාවකට එක්වෙමින්.
රටේ ආර්ථික ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාම මෙන්ම ජනතාවගේ ජිවිත ආරක්ෂා කිරීම යන කටයුතු සියල්ල වගකීම් සහගතව පවත්වාගෙන යාමේ වැදගත් කමද අග්‍රාමාත්‍යවරයා මෙහිදී සිහිපත් කර කළා.
කොවිඩ් වසංගතයෙන් රටත් ජනතාවත් බේරා ගැනීමේ වගකීම වෙනුවෙන් රජයට ගත හැකි උපරිම ක්‍රියාමාර්ග අනුගමනය කරමින් සිටින බව පැවසු අග්‍රාමාත්‍යවරයා ඒ සඳහා ජනතාවගේ සහය අවශ්‍යවන බවද සිහිපත් කළා.
නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් කටයුතු කිරීමේ අවශ්‍යතාවය සිහිපත් කළ මහින්ද රාජපක්ෂ මහතා රට වසාදමන කාලයේදී ජනතාව දැක්වන සහයෝගයට ස්තූතිය පුද කරන බවද සඳහන් කළා.
කොවිඩ් පරාජය කිරීම සදහා සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ සිදුකරගෙන යන කාර්යභාරය අගය කරන බව ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සදහන් කළා.
Akamathi Mahindra what ever says people in this country knows what’s happening in the country, this is probably he knows that this is their final SUWAN SONG