Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

අගමැති මහින්ද ඉල්ලා අස්වෙයිද ??

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අගමැති ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුම් දී තිබේ. අද (06) පස්වරුවේ පැවති විශේෂ කැබිනට් හමුවේදී මෙම දැනුම්දීම සිදුකර ඇති බව ඉහළ පෙළේ ආරංචි මාර්ග කියා සිටියි. කැබිනට් ඇමතිවරු පිරිසක් ද ජනාධිපතිවරයා ගේ ඉල්ලිමට සහයෝගය දක්වා තිබේ.

ඒ අනුව තමන් සදුදා දිනයේ විශේෂ ප‍්‍රකාශයක් සිදු කරන බව අගමැතිවරයා කැබිනට් මණ්ඩලයට දන්වා ඇත. අගමැතිවරයාද මීට පෙර සඳහන් කරන ලද්දේ ජනාධිපතිවරයා විසින් ඉල්ලා සිටියහොත් තමන් ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බවයි.

කෙසේ වෙතත් අගමැති මාධ්‍ය ලේකම්වරයා පවසන්නේ ජනාධිපතිවරයා තමන්ට අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන්නැ’යි කිසිදු ඉල්ලීමක් කර නැතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තහවුරු කරන ලද බවයි.