Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

අකුණු සමඟ වැස්ස තද වෙයි, සුළං සැර වෙයි, මුහුද රළු වෙයි – කාලගුණයෙන් රතු නිවේදනයක්

දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ පවතින කැළඹිලි සහිත ස්වභාවය හේතුවෙන් දැනට පවතින  වැසි තත්ත්වය ඉදිරියේදී වැඩිවීමක් සිදුවනු ඇති බව දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

උතුර, උතුරු මැද , නැගෙනහිර, දකුණ සහ ඌව පළාත්වල විටින් විට තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇතිවන බවත් ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවත්  කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

 ‍දිවයිනේ සෙසු ප්‍රදේශවල ද  තැනින් තැන විශේෂයෙන්ම සවස් කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත  වැසි ඇති විය හැකි බව ද එම නිවේදනයෙහි සඳහන්.

එමෙන්ම ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ  අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීම සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙසද කළු නිදා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.

මුහුද රළු වෙයි 

දිවයිනට ඊසාන දිග සහ දකුණු ප්‍රදේශවල  මුහුදේ පවතින  ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය හේතුවෙන්  මන්නාරම සිට කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශවල සහ බේරුවල සිට මාතර හරහා පොතුවිල් දක්වා වන මුහුදු තීරයේ  විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

වැසි සමඟ ඇතිවන තද සුළං හේතුවෙන්  ඇතැම් ස්ථානවල   සුළඟේ වේගය  පැයට කිලෝමීටර් 70 – 80 දක්වා  ඉහල යාමට ඉඩ ඇති බව පෙන්වා දෙන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව  එම ප්‍රදේශවල නාවුක සහ ධීවර කටයුතුවල යෙදීමේ දී දැඩි අවධානයෙන් පසුවන ලෙස ද දැනුම් දෙනවා.

මෙම රතු නිවේදනය අද උදෑසන 7.30 සිට හෙට උදෑසන 7.30 දක්වා වන පැය 24ක කාලය සදහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර තිබෙනවා.

About The Author