ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සමගි ජන බලවේගයේ සභාපතිධුරයෙන් ඉවත් කිරීමට හෝ විනය පියවර ගැනීමට කිසිදු සාකච්ඡාවක් පක්ෂය තුළ මේ වනතෙක් සිදුකර නොමැති බව එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය.
සමගි ජන බලවේගයේ සභාපති සරත් ෆොන්සේකා මහතා පිළිබඳ පළවන මාධ්‍ය වාර්ථා සම්බන්ධයෙන් ප්‍රතාචාර දක්වමින් ඔහු මේ බව සඳහන් කලේය.
සරත් ෆොන්සේකා මහතා සම්බන්ධයෙන් පලවන මාධ්‍ය වාර්ථා පිලිබඳ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් ඔහු මුණ ගැසී සාකච්ඡා කළ බවත් යම් යම් සීමා ඔස්සේ කටයුතු කිරිමේ එකඟතාවයකට එහිදී පැමිණි බවත් අත්තනායක මහතා කීවේය.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට