සමගි ජන බලවේගය පක්ෂයේ සභාපතිවරයා ලෙස සිටින අතර වාරයේ දී අරගල කරුවන් සමඟ එක්ව වෙනම දේශපාලන ගමනක් යාමට ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා කටයුතු කරමින් සිටින බවට චෝදනාවක් මේ වන විට ඔහුට එල්ල වී තිබෙනවා.
එවන් වටපිටාවක් තුළ දේශපාලන වශයෙන් මෙලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් Mee Massoo TV ඔස්සේ විකාශනය වූ වැඩසටහනක දී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගෙන් ප්‍රශ්න කෙරුණා.
එහිදී සජිත් ප්‍රේමදාස මහතා දැනුවත් කර අදාළ ගමන ඔහු සමඟ එක්ව නොයන්නේ මන්දැයි ප්‍රශ්න කළ විට ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසා තිබෙන්නේ අදාළ පැනයට පිළිතුර සජිත් ප්‍රේමදාස මහතාගෙන් විමසා දැනගන්නා ලෙසයි.
මේ අතර සමගි ජනබලවේගය පක්ෂයේ මීළඟ ජනාධිපතිධුර අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කිරීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගනු ලැබූ තීන්දුව ද සරත් ෆොන්සේකා මහතාගේ දැඩි විවේචනයට ලක් වීම ද විශේෂත්වයක්.
අත නොහැර කියවන තැන
රොෂාන් රණසිංහට ජනපති රනිල් එල්ල කළ එක් චෝදනාවක් පරණ එකක් – එදා නිහඬව සිට අද කලබල වීම ගැටළුවක්
චී නෝනේ වැඩේ කැතයි
සැකකරුවෙකුට ඇප දෙන්න කියා මෛත්‍රීපාල අගවිනිසුරුට බලපෑම් කරලා – පර්යේෂණ වාර්තා සඟවලා