Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ෆේස් බුකිය සමාව ඉල්ලයි.

ෆේස්බුක් සමාජ ජාලා වෙබ් අඩවිය විසින් එක්සත් ජනපද උප ජනාධිපති ධුරයට පත් කමලා හැරිස් පිළිබඳ ජාතිවාදී සහ වැරදි මතවාදී තොරතුරු, මීම්ස් වශයෙන් ප්‍රචාරය කර ඇති බවට චෝදනා එල්ල වී තිබේ.

සිය පිටුවල වෛරය වපුරුවා හරින තොරතුරු නිතිපතා පළ කරමින් සිටි කණ්ඩායම් තුනකට බීබීසී ප්‍රවෘත්ති සේවය මගින් අනතුරු ඇඟවීමෙන් පසු, අදාළ වෙබ් අඩවිය විසින් එම අන්තර්ගතය ඉවත් කරන ලදී.

එක් මාධ්‍ය නිරීක්ෂණ ආයතනයක් විස්තර කර තිබුණේ වර්ගවාදී සහ වැරදි මතවාද පැතිරවීම සඳහා ෆේස්බුක් සමාජ ජාලා වෙබ් අඩවිය කැප වී සිටින අන්දම පෙනී යන බව යි.

කෙසේ වෙතත්, අදාළ ෆේස්බුක් පිටුවල උප ජනාධිපතිවරයා වෙත අතිශය වෛරී සහගත ප්‍රකාශ පළ කර ඇති බව හොඳින් ම පැහැදිලි වුව ද, එම පිටුවල අයිතිකරුවන් සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගැනීමට තමන්ගේ අදහසක් නොමැති බව ෆේස්බුක් සමාජ ජාලා වෙබ් අඩවියේ ප්‍රකාශකයින් කියා තිබේ.

මීඩියා මැටර්ස් ආයතනයේ සභාපති, ඇන්ජලෝ කරුසෝන් මහතා මෙසේ පැවසීය. “ෆේස්බුක් අඩවිය විසින් මෙම වෛරී සහගත අන්තර්ගතය මාධ්‍ය වෙත නිකුත් කොට , සියලු දෙනා එය දැකීමෙන් පසුව පමණක් ඉවත් කිරීමට එකඟ වීමෙන් තහවුරු වන්නේ ඔවුන් විසින් ස්ථාපිත කරන ලද නීති රීති සහ මාර්ගෝපදේශයන්හි ඇති හිස් බව යි.”

About The Author