Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ෆේස්බුක්, වෙබ් ඇතුළු සමාජ ජාලා භාවිත කරන්නන් ලියාපදිංචි විය යුතුයි, වැඩපිලිවෙල සකසා අවසන් – ජනමාධ්‍ය ඇමති කියයි

මෙරට තුළ සමාජජාලා භාවිතා කරන්නන් ලියාපදිංචි කිරීම සදහා රජය සූදානම් වෙමින් සිටින බව අද අනාවරණය කෙරුණා.

දැනටමත් ඒ සම්බන්ධයෙන් සැලැස්මක් ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් සකස් කර ඇති බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද හෙළි කළා.

ඔහු පෙන්වා දෙන්නේ අද වන විට රට තුල සමාජ මාධ්‍ය නියාමනය කිරීමේ අවශ්‍යතාවයක් පැන නැගී ඇති නිසා එහි පළමු පියවර ලෙස මෙම තීරණය ගත් බවයි.

එයට හේතුව සමාජ මාධ්‍ය තුල පුද්ගල හැසිරීම් සම්බන්ධ විෂමතාවයන් දක්නට ලැබීම බවයි ඔහු සදහන් කළේ.

වෙබ් අඩවි නියාමනයට නිසි වැඩපිළිවෙලක් ඉදිරි සති දෙක තුළ ක්‍රියාත්මක කරන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

මීට අමතරව වෙබ් අඩවි ලියාපදිංචි කිරීමටද රජය පියවර ගන්න බවද කෙහෙළිය රඹුක්වැල්ල මහතා පසුගිය නොවැම්බර් (21) වෙනිදා පාර්ලිමේන්තුවේදී ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභා රැස්වීමට එක්වෙමින් සදහන් කර තිබුණා.

පුරවැසියන්ගේ ගරුත්වය ආරක්ෂා වන පරිදි කටයුතු කිරීම වෙනුවෙන් පුවත්පත් මණ්ඩල පනත සංශෝධනය කළ යුතු බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර තිබෙනවා.

About The Author