හෝමාගම මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ දින ගණනාවක සිට කොවිඩ් 19 ආසාදිත මළසිරුරු 05ක් තැන්පත් කර තිබීම හේතුවෙන් දැඩි සෞඛ්‍යමය ගැටලුවක් ඇති වී තිබෙන බව එම රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිනී වෛද්‍ය නදීරා දයාවංශ සඳහන් කළාය.
කොවිඩ් 19 ආසාදිතව මිය ගොස් තිබෙන මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු 04ක් මෘත ශරීරාගාරයේ අධි ශීතකරණ තුළත්, තවත් සිරුරක් ඉන් පිටතත් තැන්පත් කර තිබෙන බව වාර්තා වෙයි.
කොවිඩ් 19 ආසාදිතව මියයන පුද්ගලයින්ගේ මළසිරුරු පැය 24ක් ඇතුළත ආදාහනය කළ යුතු වුවත් එලෙස මියගොස් සිටින අයගේ ඥාතීන් ආදාහනයට අකමැති වීම සහ ඒ සඳහා පෙට්ටි ලබාදීමට අකමැති වීම නිසා හෝමාගම රෝහලේ අදාළ මළසිරුරු දින ගණනාවක් තැන්පත්ව තිබෙන බව සඳහන් කළ අධිකරණ වෛද්‍යවරිය, දැනට ශීතකරණයෙන් පිට තිබෙන මළසිරුර දැඩි ලෙස නරක් වීමෙන් දුර්ගන්ධයක් හමන බවද සඳහන් කළාය.
© මුලාශ්‍රය – අරුණ
අත නොහැර කියවන තැන
නිදහස් කළ අය ලසන්ත නඩුවට සම්බන්ධ අය නෙමෙයිලු – නීතිපති කරුණු කියයි
නීතිපතිට දේශපාලන බලපෑම් එපා හරි ක්‍රමයට වැඩ කරන්න – ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනපතිට ලියයි..
ලසන්ත ඝාතනයේ සැකකරුවන් නිදහස් කිරීමෙන් ආණ්ඩුවත් අවුලක