Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

හොලිවුඩයේ අමුතු රහස් …

හොලිවුඩය එහෙමත් නැත්නම් ඇමරිකාවේ චිත්‍රපට ක්ෂේත්‍රය කියන්නේ අපට පේනවට වඩා, සෑහෙන්න වෙනස් තැනක්. පිටතින් ලස්සනට දැක්කට ඇතුළෙ වැඩ කරන අයත් එක්ක කතා කළාම පුදුම හිතෙනවා. මේ හොලිවුඩයේ අමුතු රහස්.

1.හොලිවුඩය ඇතුළේ සතුන් සම්බන්ධ කරගෙන ඕන තරම් ෆිල්ම් හැදෙනවා නෙ. ඒ හැම එකක් ම වගේ පටන් ගන්න කලින් දානවා එයාලා චිත්‍රපටය හදද්දී කිසිම සතෙකුට හිංසාවක් කළේ නැහැ කියලා. හැබැයි ඒ කතාව බොරු. බෙහොම ස්වල්පයක් හැරුණාම සතුන් රඟපාන අනික් හැම ෆිල්ම් එකක් ම හදන්නේ උන්ට වධ දීලා. ටික කාලයකට කලින් ඒ බව හෙළි කළේ “ලයිෆ් ඔෆ් අ පයි” චිත්‍රපටයේ වැඩ කරපු කෙනෙක්. 

මේ හිංසනය ගැන සත්ත්ව සංවිධාන පවා දැනුවත් වෙලා ඉන්නෙ. එත් තාම හරියට ම කාටවත් දඬුවම් දෙන්න නම් ලැබිලා නැහැ.

2. ඔස්කාර්, කෑන්ස් වගේ එක එක කට්ටිය සංවිධානය කරන සම්මාන උලෙලවල් තියෙනවා නේ. ඒවාට සහභාගි වෙන නළු නිළියෝ එන්නේ ලෝකෙ පුරාම හොයලා, එයාලට ගන්න පුළුවන් වෙච්ච ලස්සන ම ඇඳුම් ඇඳගෙන. විශේෂයෙන් නිළියෝ. එයාලගේ පින්තූර කාලයක් යනකල් සඟරාවල පිටකවර සරසනවා. ඉතින් ඔයාලත් දැකලා ඇති මේ “රෙඩ් කාර්පට්” එකට එන නිළියන්ගේ ඇඟවල් හිතා ගන්න බැරි තරම් හැඩ බව. දන්නවා ද හේතුව?

ඒ වගේ රෙඩ් කාර්පට් එකකට යන්න කලින් හුඟක් නිළියෝ දවස් ගාණක් තිස්සේ බඩගින්නේ ඉන්නවා ලු. එතකොට ඇඟ නිකම්ම කෙට්ටු වෙලා, හැඩ පේන්න ගන්නවා. මේ රහස එළි වුණේ ඔස්කාර් උලෙලකට ආපු ජෙනිෆර් ලෝරන්ස්ගෙන්. එයා තමන්ගේ සහායකයාට කිව්වා ලු “මේක ඉවර වෙච්ච ගමන් මොනවා හරි කන්න අරන් එන්න, දවස් ගාණක් තිස්සේ බඩගින්නේ දුක් විඳලා මට නම් ඇති වෙලා” කියලා.

3. අපි දන්න හුඟක් නළු නිළියන්, විශේෂයෙන් ම නළුවෝ කැමරාවට පේන්න මාර කරුණාවන්තයි වගේ රඟපානවා. ඒත් හොඳට හොයලා බැලුවොත් ඒ අයගෙන් වැඩි දෙනෙක් මොකක්හරි හේතුවක් නිසා දවසක්වත් හිරේ තැප්ප අය. 

ගොඩාක් ප්‍රශ්නවලට හේතුව තමයි එයාලගේ ඉක්මන් කෝපය. ඊළඟ හේතුව ලොකුකම. ෆිල්ම් දෙක තුනක මූණ පෙන්නුවා ම කට්ටිය හිතනවා තමන් තරම් ලොක්කෙක් නෑ කියලා. ඊට පස්සෙ කවුරුහරි වැරදීමකින්වත් අනවශ්‍ය වචනයක් පිට කළොත් තරහා අරගෙන මරා ගන්න යනවා. ඔන්න ඕක තමයි ඇත්ත කතාව.

4.සිල්වෙස්ටර් ස්ටැලෝන් එහෙමත් නැත්නම් “රැම්බෝ” කිව්වා ම කාවද මතක් වෙන්නේ? ගහ මරා ගන්න, වෙඩි තියා ගන්න හපන්, අසාධාරණයට විරුද්ධ වීරයෙක්. හැබැයි ඔයාලා දන්නවා ද එයා හොලිවුඩ් ක්ෂේත්‍රයට ආපු මුල් කාලේ රඟපාලා තියෙන්නේ “වැඩිහිටියන්ට පමණයි” චිත්‍රපටිවල කියලා? බොරු නම් හොයලා බලන්නකො “කිටී ඇන්ඩ් ස්ටූඩ්ස්”.

අපි විශ්වාස කරන්න අකැමැති වුණාට බහුතරයක් නළු නිළියන්ගේ මුල එතන තමයි. එයාලා ඒවායේ රඟපාලා ටිකක් කල් ඉඳලා, ඊට පස්සෙ මුකුත් නොදන්න බබාලා වගේ වීරවරු වෙනවා. හැබැයි ඉතින් නමක් හදා ගත්තට පස්සෙ නම් ආපහු වළට බහින්නෙ නෑ.

5.හොලිවුඩ් විතරක් නෙවෙයි, මුළු ලෝකය පුරාම පැතිරිලා තියෙන චිත්‍රපට ක්ෂේත්‍රය ඇතුළේ ඉන්න සමහර නළු නිළියන්ගේ මුහුණු අපට හැම එකේ ම වගේ දකින්න ලැබෙන්නේ ඇයි කියලා දන්නවා ද? ඒක මාෆියාවක්. හරියට නිකං මකුළු දැලක් වගේ ටිකින් ටික ජනප්‍රිය නළු නිළියන් කොටු කර ගන්නවා. ඉතින් චරිත වැඩිපුර ලැබෙන්නේ ඔය දැලට කොටු වෙලා එයාලා කියන කියන විදිහට වැඩ කරන අයට තමයි.

කවුරුත් නොහිතුවාට ඔය “පැරමවුන්ට්” වගේ ප්‍රසිද්ධ චිත්‍රපට සමාගම්වල අධ්‍යක්ෂවරු කියන්නේ තනිකර මැරයෝ. සමහර නළුවොත් එහෙමයි. ඉතින් හැකියාව කෙසේ වෙතත් මැර බලයෙන් චිත්‍රපටය දුවවන වෙලාවල් බොහොමයි. පහුගිය දවසක මියගිය ඉන්දියානු නළුවෙක් වුණු සුශාන්ත් රාජ්පුත්ටත් වුණේ ඒ දේ ම තමයි.

6.දන්නවා ද ජෝසප් බයීනා? නෑ නෑ, නළුවෙක් නෙවෙයි. ඒත් නළුවෙකුගේ පුතෙක්. ඒකත් ස්වජාතක පුතෙක් නෙවෙයි. කාගෙද දන්නවා ද? ආර්නොල්ඩ් ස්වෙසනගර්ගේ. දැන් නම් ඒක ප්‍රසිද්ධ රහසක් වෙලා. එයා තමන්ගේ ගෙදර වැඩ කරපු මිල්ඩ්‍රෙඩ් පැට්‍රීෂියා කියන කෙල්ලත් එක්ක ඇති කර ගත්තු සම්බන්ධයක් නිසා තමයි ජෝසප් ලැබුණේ.

බලාගෙන ගියාම මේ නළුවන්ට හැම තැනම ළමයි ඉන්නවා නේ…