කවුරුන් හෝ ජනාධිපතිතුමා විනාශ කිරීමට උත්සාහ දරමින් සිටින්නේ යැයි තමාට පෙනෙන බවත් ක්‍රිකට් ආයතනයේ දූෂිත හොරු රැළට ජනාධිපතිතුමාට ළංවීමට ඉඩ නොදිය යුතු බවත් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය.
ජනාධිපති කාර්ය මණ්ඩලය ඇතුළෙත් නොයෙකුත් දේවල් සිදුවන බව පැවසූ අමාත්‍යවරයා ඒ ගැන විමර්ශන කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද ප්‍රකාශ කළේය.
මේ රටේ අමාත්‍යවරයෙකුට තර්ජනය කිරීමට තරම් මෙම හොරු රැළ බලවත් බවත් ජනාධිපතිවරයා අයිපීඑල් තරඟය නරඹමින් සිටියදී ඔහුගේ පිටුපස සිටියේ ක්‍රිකට් ආයතනයේ ශම්මි සිල්වා ගේ ආරක්ෂකයාවූ පාතාල කරුවකු බවත් ඔහු සඳහන් කළේය.
එම පාතාලකරු ඒ ස්ථානයේ සිටිනු දැක තමා බියට පත්වූ බවද රොෂාන් රණසිංහ මහතා කීවේය.
අත නොහැර කියවන තැන
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට
‘අභිචෝදක තනතුර’ නීතිය දේශපාලනයට යටකිරීමක් – හිටපු අගවිනිසුරුවරයෙක් ආණ්ඩුවට අනතුරු අඟවයි