වී වගා කළ හෙක්ටයාර් එකකින් වී කිලෝ 1000ක් රජයට ලබා නොදෙන ගොවීන්ට ලබන කන්නයේදී පොහොර සහනාධාරය හා කෘෂි රක්ෂණය අහිමි වන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සඳහන් කරයි.
පොහොර සහනාධාරය හා ජලය, කෘෂි රක්ෂණය හා අදාළ උපදෙස් හා තාක්ෂණය රජය විසින් ගොවීන්ට නොමිලයේ ලබාදෙන බවත් මීට අමතරව සහතික මිලට වී මිලදී ගන්නා බවද ඇමතිවරයා සඳහන් කරයි.
ඒ අනුව රජයේ වැඩපිළිවෙලට සහයෝගය ලබාදීමක් ලෙස රජයේ සහතික මිලට වී කිලෝ 1000ක් වී වගා කළ හෙක්ටයාර් එකකින් ලබා නොදෙන ගොවීන්ට ඉදිරියේදී රජයේ සහනාධාර අහිමිවන බවත් පොහොර සහනාධාරයද අහිමිවන බැවින් වෙළඳපොලේ මිලටම මිලදී ගැනීමට සිදුවනු ඇති බවත් අවධාරණය කර තිබේ.
අමාත්‍යවරයා මේ බව පැවසූවේ පසුගියදා (18) පැවැත්වූ මාධ්‍ය හමුවකදීය.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි