මතක ඇති කාලයක සිට විවිධ දේශපාලන කණ්ඩායම් සහ පක්ෂ වෙනුවෙන් වක්රව සහ සෘජුව පෙනී සිටිමින් ජනාධිපතිවරුන් සහ ආණ්ඩු නිර්මාණය කිරීමට කටයුතු කළ ජනතා විමුක්ති පෙරමුණ අද වන විට කිසිවක් නොදන්නා පුද්ගලයින් සේ හැසිරෙමින් ජනතාව නොමග යවමින් සිටින බව සමගි ජන බලවේගය පක්ෂයේ ජනාධිපතිවරණ මෙහෙයුම් ප්රධානී එම පක්ෂයේ උප සභාපති සුජීව සේනසිංහ මහතා පවසනවා.
Mee Massoo TV සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කලේ රට තුළ සිදු වූ මහා පරිහානියට වගකිව යුතු කණ්ඩායම් හතරක් මේ වන විට තමන් විසින් හඳුනාගෙන ඇති බවයි.
එල්.ටී .ටී.ඊ සංවිධානය, ජනතා විමුක්ති පෙරමුණ, රාජපක්ෂ පවුල සහ මුල සිටම ඩීල් දමමින් දේශපාලනය කළ රනිල් වික්රමසිංහ එම කණ්ඩායම් හතර බවද ඔහු සඳහන් කළා.
රාජිත සේනාරත්න මහතා සමගි ජන බලවේගය අතහැර යාමට සුදානම් වන බවට වන ආරංචි මාර්ග සම්බන්ධ විමසු විට ඔහු සඳහන් කර තිබෙන්නේ සේනාරත්න මහතා එලෙස පක්ෂය හැර යන්නේ නම් එය ඔහුගේ පවුලට බලපාන යම් හේතුවක් නිසා සිදුවිය හැකි බවයි.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි