Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

හැටනම ලක්ෂයක් සාධුකාර දෙමින් බලයට පත්කර ඇත්තේ නිලධාරින් මිස ජනාධිපතිවරයෙක් නෙවෙයි කියා දැන් හිතෙනවා – ඇමති බන්දුල කියයි

සර්වබලධාරියා මට අරියාදු කලා , ජනපතිටත්, අගමැතිටත් උඩින් තීරණ ගත හැකි පුද්ගලයෙක් ඇමතිවරුන්ගේ විෂයපථයත් තීරණය කරනවා

තමා අධ්‍යාපන අමාත්‍ය ධුරය දරන සමයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ කාර්යභාරය පිළිබඳ තමාට ඉගැන්වීමට පැමිණි  සර්ව බලධාරියෙකු පිළිබඳව  බන්දුල ගුණවර්ධන මහතා  විශේෂ අනාවරණය සිදුකර තිබෙනවා.

පසුගියදා දෙරණ 360  මුහුණට මුහුණ  දේශපාලන සංවාද  වැඩසටහන හා එක්වෙමින් ඔහු අනාවරණය කළේ   මේ වන විට ද  එම පුද්ගලයා විසින්  හසුරුවන කණ්ඩායම  ආණ්ඩුවේ කටයුතු  පාලනය කරමින් සිටින බවයි.

ආගමට අනුව අමාත්‍ය ධුරයේ විෂය පථය තීරණය කළා ද?

තමන්ට පෙර වෙළඳ අමාත්‍ය ධුරය දැරූ රිෂාඩ් බදුර්දීන් මහතාට  ආයතන හතළිස් දෙකක් ගැසට් කර තිබූ බවත්  පෙන්වා දෙන බන්දුල ගුණවර්ධන මහතා  තමා ඉස්ලාම් ආගම  අදහන්නෙකු නොවීම හේතුවෙන්  සහ උපතින් සිංහල බෞද්ධයෙකු වීම හේතුවෙන් තමන්ට පවරා ඇති ආයතන නිර්මාණය අඩු කිරීම සාධාරණ නොවන බව ද ඔහු ප්‍රකාශ කළා. 

ගෝඨාභය රාජපක්ෂ  මහතාට  ජනතාව ඡන්දෙ දුන්නේ ශ්‍රී මහා බෝධිය , රුවන්වැලි සෑය, දළදා මාලිගාව වගේ  විශ්වාස කරල.

ජනතාව විසින් ජනාධිපතිවරයාගේ බලයක් ලබාදී තිබෙන අවස්ථාවක  විවිධ පුද්ගලයන්ගේ උවමනා එපාකම් මත  මන් ඇතුළු අමාත්‍යවරුන්ට බලපෑම් කිරීම  තවදුරටත් ඉවසන්නේ නැතිබව ද  බන්දුල ගුණවර්ධන මහතා  මිරිස් සඳහන් කළා.

මෙහිදී වැඩසටහන නිවේදක  සංඛ අමරජිත් මහතා ප්‍රශ්න කළේ  ඇමතිවරුන්ගේ කාර්ය භාරය සහ විෂය පථයක් තීරණය කිරීම  ව්‍යවස්ථානුකූලව පැවරී ඇත්තේ ජනාධිපතිවරයාට නොවන්නේ ද යන්නයි.

ඊට පිළිතුරු දුන් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා සදහන් කළේ  මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ හෝ අගමැතිවරයාගේ වරදක් නොමැති බවයි.

හැටනම  ලක්ෂයක් සාධුකාර දෙමින් බලයට පත්කර ඇත්තේ නිලධාරීන් මිස  ජනාධිපතිවරයෙක් නෙවෙයි.

ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට  ඉහළ  තීරණ ගත හැකි  පුද්ගලයන් හෝ කණ්ඩායම් සිටිනවානම්  හැට නම ලක්ෂය ජනතාව  ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා දුන්  ජනවරමින්   බලයට පත්ව සිටින්නේ නිලධාරීන්දැයි සංඛ අමරජිත් මහතා මෙහිදී අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළා.

ඊට ප්‍රතිචාර දැක්වූ බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා  පැවසුවේ  දැන් නම් තමාට ද  එසේ සිතන බවයි.

අදාළ වීඩියෝව පහළින්..