Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

හම්මෝ මට සීතල ඉවසන්න බැහැ අප්පා… – එමා වොට්සන්

හැරී පොටර් චිත‍්‍රපට මාලාව තුළින් ජනාදරයට පත් ඇය එමා වොට්සන්. මේ වන විට එහි අවසන් චිත‍්‍රපටයත් එළි දැක් වී අවසන්. එනමුත් අදටත් බොහෝ පිරිමින්ගේ සිහින කුමරිය ඇය යි.

මොකද මේ දවස්වල කරන්නේ?

හම්මෝ හරියට වැඩ අප්පා… නිළිකම කෙසේ වෙතත් මට කාන්තා සංවිධානවල වැඩයි මොඩ්ලින් වැඩයි එක්ක ඔළුව උස්ස ගන්න බැරුව ඉන්නෙ.

කොහොමද බෝයි ෆ්‍රෙන්ඩ් එහෙම?

මං කැමති නෑ එයා ගැන ප්‍රසිද්ධ කරන්න. ඒ වුණාට එයාගෙ නම ලියෝ රොබින්ටන්, එයා ඇමරිකාවෙ බිස්නස් කරන්නෙ, අපි දෙන්නා 2019 ඉඳන් යාළු වෙලා ඉන්නෙ… වගේ තොරතුරු ඉතින් හැමෝම දන්නවා නේ.

අපට ආරංචියි ඔයා විශ්ව විද්‍යාලෙ ඉන්නකොටත් නාට්‍ය නිෂ්පාදන කිහිපයකට දායක වුණා කියලා. ඒවායේ රඟපාද්දී මොකද හිතුණේ?

අනේ…මම හරි සතුටින් වැඩ කළේ. අනිත් අතට බලනකොට හැරී පොටර් වගේ විශාල වගකීමක් තියෙන, මුළු ලෝකය ම බලාගෙන ඉන්න චිත‍්‍රපටයක රඟපානවට වැඩිය හුඟක් සැහැල්ලූවෙන් පාසල් නිෂ්පාදනයකට දායක වෙන්න පුළුවන් නේ. අපි කළේ ඇන්ටන් චෙකොව්ගේ ත‍්‍රී සිස්ටර්ස් වගේ සරල නාට්‍ය. ඒවා රඟපාන්න ටිකක් අමාරුයි. කොයි තරම් රඟපෑම ගැන දැනගෙන හිටියත් මම පාසල් නාට්‍යවල නළු නිළියන් තේරීමටත් සහභාගි වුණා. එහෙම නේ සාධාරණ.

හැරී පොටර් විතරක් ම නෙවෙයි නේද ඔයාගෙ නිළිකම ලෝකෙට පෙන්නුවෙ?

ඔව්. මම තව සෑහෙන්න චිත්‍රපටවල රඟපෑවා. My Week with Marilyn, The Perks of Being a Wallflower, The Bling Ring, Noah, Regression, Beauty and the Beast වගේ ගොඩක් චිත්‍රපට තියෙනවා.

හැරී පොටර් චිත‍්‍රපට මාලාව සිහි වෙන්න මුකුත් සිහිවටනයක් එහෙම ළඟ තියා ගන්න උත්සහ කළේ නැද්ද?

තියා ගත්තා. මම අධ්‍යක්ෂක තුමාගෙන් ඉල්ල ගත්තා ජාති තුනක්. එකක් තුන් වෙනි චිත‍්‍රපටියේ එන කාල තරණ ඔරලෝසුව. මගේ පාසල් ලෝගුව සහ අනෙක මගේ මැජික් යෂ්ටිය.

හර්මායනීගේ චරිතය ඔයාගේ සැබෑ ජීවිතයට බලපෑමක් වුණා ද?

දෙපැත්තට ම වුණා. ඒ කිව්වේ මගේ සමහර හැසිරීම් පිටපතේ නොතිබුණත් හර්මායනීගේ චරිතයට ඇතුළු වුණා. ඒ වගේ ම චරිතයේ ආදර්ශයට ගන්න පුළුවන් දේවල් මම මගේ ජීවිතයට ඇතුළත් කර ගත්තා.

අවසන් හැරී පොටර් චිත‍්‍රපටය කොටස් දෙකක් බව දැන ගත්ත ම මොකද හිතුණේ?

බුදු අම්මෝ තවත් එකක් තියෙනව ද? කියලා හිතුණා (සිනා). මොකද අපි ඒ වෙනකොට රඟපාමින් හිටියේ හය වෙනි කොටස. තවත් එකක් කරන එකේ තේරුම මුදල් තන්හාව ද කියලා හිතුණා. ඒ නිසා මම ඒ ගැන නිෂ්පාදකතුමාගෙන් ප‍්‍රශ්න කළා. ඊට පස්සේ මට තේරුණා එක ම චිත‍්‍රපටයක අර තරම් විශාල දර්ශන ප‍්‍රමාණයක් ඇතුළත් කරන එක ප‍්‍රායෝගික නැහැ කියලා.

හැරී පොටර් එක්ක අමතක නොවන සිදුවීම් තියෙනවා ද?

ඇයි නැත්තේ. හැරී පොටර්ගේ අවසන් කොටස රූගත කරද්දී අපි හැමෝම සීතාලෙන් සෑහෙන්න පීඩා වින්දා. මම කී සැරයක් ගිහින් කිව්වද මට මේක ඉවසන්න බැහැ කියලා. ඒත් එයාලා අපේ හිත ධෛර්යයවත් කළා. එයාලා කිව්වා අපි සැබෑ වීරයෝ කියලා. අවසානයේ චිත‍්‍රපටය බලද්දී අපි ඒ තරම් අමාරුවෙන් කරපු රඟපෑම අතිසාර්ථක බව පෙනුණා. ඒත් ඇත්තට ම මට ඒ දවස්වල නම් අපේ අධ්‍යක්ෂකතුමා ව මරාගෙන කන්න හිතුණු අවස්ථා ඕන තරම් තිබුණා. (සිනා)

ඔයා කාලෙකදි කොණ්ඬේ කැපුවා නේද?

ඔව්. මට හිතුනා විලාසිතාව වෙනස් කළොත් හොඳයි කියලා. හැමදාම එක ම විදිහට ඉන්නත් බැහැ නේ. ඒත් තාත්තා නම් ඒකට වැඩිය කැමති වුණේ නැහැ.

මේ දවස්වල එංගලන්තයේ ජනතාවගේ විලාසිතා ගැන උනන්දුව කොහොම ද?


මිනිස්සු සාමාන්‍ය ඇඳුම්වලට නම් කැමතියි. ඒත් කපු වගේ සැහැල්ලූ ඇඳුම් ගැන එයාලගේ උනන්දුව හරිම අඩුයි. පහුගිය දවසක මම ඇල්බර්ටා ෆෙරර්ටිගේ විලාසිතා දැක්මකට සහභාගි වුණා. දැන් මිනිස්සු අලූත් විලාසිතාවක් ආව ම බලන්නේ ඒක තමන්ට ගැලපෙනවාද කියලා නෙවෙයි, ඒක එළි දැක්වූවේ කවුද කියන එක.

හැරී පොටර්  චිත‍්‍රපට මාලාව ඔයාගේ අවසන් චිත‍්‍රපට මාලාව වේවි ද?

එහෙම වෙන එකක් නැහැ. ඒත් මම මේ හදිසියේ තවත් චිත‍්‍රපට මාලාවකට දායක වෙන්න බලාපොරොත්තුවක් නැහැ. මම කැමතියි ප‍්‍රවීණ නිළියකගේ සහය නිළිය විදිහට රඟපාන ගමන් චිත‍්‍රපට ගැන තව ටිකක් ඉගෙන ගන්න තියෙනවා නම්. ඒ වගේ ම මම හුඟක් ආසයි විලියම් ෂේක්ස්පියර්ගේ කතාවක් ඇසුරින් නිපදවෙන චිත‍්‍රපටයකට දායක වෙන්න.

ශ‍්‍රීනි ලංකා ජයකොඩි